(විමුක්ති එස් රුද්‍රිගු)
පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීම මගින් මෙරට විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර වැඩසටහන මෙම වසරේද ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මෙම වසරේ ජපානය රුපියල් මිලියන 687 ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ජපාන රජය වැඩසටහන සඳහා අරමුදල් සපයන බවත් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. 2010 සිට 2025 වසර දක්වා රාමු 4 ක් යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවත් මේ වනවිට වැඩසටහන යටතේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 240 ක් සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා අවස්ථා 16 ක් ලබාදී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම වසරේ වැඩසටහන සඳහා ඊයේ(24) ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික පත්‍ර දෙකක් දෙරටේ රජයන් අතර හුවමාරු වූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තරුණ රජ්‍ය නිලධාරී මානව සම්පත් සංවර්ධනට ජපානයෙන් ශිෂ්‍යත්ව
PGPTHILAK Friday, 25 July 2025 09:21 AM
ඕවා බොරු වැඩ! හොරුන්ට ඉක්මනින් දඩුවම් දෙන යාන්ත්‍රණයක් නැතිව වෘත්තීය සමිති මාපියාවල්වල චන්ඩි පාට්වලට බයවෙලා බලයේ රැඳී සිටින ආණ්ඩු සිටින තුරැ හොරු වැඩි වෙනවා මිස වෙන කිසිවක් නොවේ!