(උපලි ආනන්ද)
තම පුතකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකුට පොලු වලින් පහරදී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියකු පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් සිව් දෙනාටම මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ හිඟුරක්ගොඩ උනගලාවෙහෙර චන්දන පොකූණ 10 ඇළ පදිංචිකරුවන් වන ඒ. එම්. විජේරත්න සහ ඒ. එම්. රසික ප්‍රදීප් බංඩාර සහ ඒ. එම්. රොෂාන් ප්‍රදීප් බංඩාර යන පිය පුතු දෙදෙනකුට සහ ඒ. බී. සිසිර කුමාර යන විත්තිකරුවන්ටය මෙම නඩුවේ 5 සහ 6 වන විත්තිකරුවන් ලෙස නම් කර සිටි ඩී. එම්. නිමල් දිසානායක සහ ඒ. ජී. හීන් බණ්ඩා යන දෙදෙනාටද නීතිපතිවරයා විසින් අධිචෝදනා බාර දී තිබූ අතර නඩු විභාගය අතරතුර එම විත්තිකරුවන් දෙදෙනා මිය ගොස් තිබිණි
විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.
ඒ අනුව විත්තිකරුවන් මැනී මැරීමේ අපරාධයට වරදකරුවන් බවට තීන්දු කර තිබෙන බවද ස්වකීය තීන්දුව මගින් ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් මෙතැන් සිට මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනගාරයට රැගෙන ගොස් ජනාධිපතිවරයා තීරණය කරනු ලබන දිනයකදී යුෂ්මතුන්ගේ බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබා මරා දමන ලෙසට නියෝග කරන බවද කීවේය.
පළමු විත්තිකාර පියා සිය පුතුන් දෙදෙනා සහ තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ එක්ව මරණකාර නිමල් ජයතිලක නැමැත්තාට පොලුවලින් පහර දී ඝාතනය කර පසුව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මහමඟ දමා ගොස් ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පියා සහ දරු දෙදෙනා ඇතුලු හතරක් එල්ල මරන්න නියම කරයි
beau Thursday, 24 July 2025 01:20 AM
තාජුදීන් ඝාතනයේ විත්තිකරුවන්ට මේ දඬුවම දෙන්නේ කවදාද? එවුන් තවමත් සාටක ඇඳගෙන සුදු කොක්කු ලෙස පෙනී සිටිනවා
Perera Thursday, 24 July 2025 06:26 AM
එල්ලා මරන්නේ නැහැනේ, දිවි තිබෙන තුරා ජනතාවගේ බැදු මුදලින් කකා බිබි හිරේ ඉන්න එකයි දැන් තියෙන්නේ.
ලුම්බිණි Thursday, 24 July 2025 06:38 AM
නඩු තීන්දුව ඇහුවම බය හිතෙනවා . "බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබා මරා දමන ලෙස ".
Bunny Preena Thursday, 24 July 2025 09:58 AM
මෝඩ මිනිස්සු. අනියම් හෝ නියම සම්බන්ධයක් තනි කැමත්තෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. දෙදෙනකුගේ කැමැත්ත මත සිදුවෙන දෙයක්. පුතුගේ බිරිඳ වෙනත් කෙනෙකුන් සමඟ තවත් සම්බන්ධකමක් ආරම්භ කළොත්, එම කාරනාව සම්බන්ධව පවුලේ අය ගන්නා පියවර කුමක්ද? මෙවැනි ප්‍රශ්න ගහ මරා ගෙන විසඳන්න බෑ මිනිසුනේ. කතා බහ කරලා විසඳලා තිබුණානම්, මරණ දඬුවම නියම වූ මිනිසුන් 4 දෙනාට මෙම දඬුවම ලැබී නැතුව ඇති.
fairoos Thursday, 24 July 2025 11:57 AM
කොච්චර කල් ගියාද මේ තීන්දුව දෙන්න...?