
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තු පණතක් ලෙස සම්මත කරන බැවින් සියලු ආයතන එම වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
රජය අයවැයෙන් වැඩි කරන ලද වැටුප යම් පෞද්ගලික ආයතනයක් මෙතෙක් ලබාදී නැතිනම් අප්‍රේල් මස සිට හිඟ මුදල් ද සමග දැන් ගෙවිය යුතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
2025 නොවැම්බර් මස 04
363
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප දැන් අනිවාර්යෙන් ගෙවිය යුතුයි
යෝගා Tuesday, 22 July 2025 04:43 PM
ඔය වගේ මෝඩ බලහත්කාරකම් කෙරුවම වෙන්නේ කර්මාන්ත වැහිලා අපනයන අඩුවෙන එක. මේ වගේ අකාර්යක්ෂම, ගන්න පුළුවන් නිවාඩු සේරම ගන්න ශ්‍රම බලකායකට තව වැඩි පඩිත් දුන්නම ආයෝජකයෝ නම් එන්නේ නෑ. මේ වෙනුවට, කිව්ව විදියට, අත්‍යාවශ්‍ය දේවල් වල වැට් බද්ද අඩු කරන්න බැරි ඇයි?
[email protected] Tuesday, 22 July 2025 04:57 PM
පඩි වැඩි වීම ගැසට් එක කම්කරු දෙපාර්තුමේන්තුවට යැව්වම එයාල තමයි ආයතන වලට කියන්නෙ එතකොට පඩි වැඩි වෙනවලු නමුත් මෙයාල කම්කරු දෙපාර්තමේන්තුවට එහෙම එකක් දීල නැහැ කම්කරු එකෙන් ඇහැව්වම කිව්වෙ එහෙමයි
පත්මිණී Sunday, 27 July 2025 04:34 PM
පැන්ෂන් එකයි, පුද්ගලික අංශයටයි පඩි වැඩි කරනවා නමුත් ඡේෂ්ඪ පුරවැසියන් EPF එක බැංකූ පොලියෙන් ජීවත්වන අයට කිසිම සහනයක් නැත. නිකම් ඉදන් අස්වැසුම ගන්න අයට ඊට වඩා මසකට මුදලක් ලැබෙනවා. අවුරුදු ගාණක් පුද්ගලික අංශයේ වැඩකරපු කෙනාට අද මසකට ලැබෙන මුදලින් ජීවත්වීමට නොහැකිය. 3% ක් වැඩිකරපු එකත් ඉල්ලුම් කිරීමට ස්ථාවර තැන්පත් ගිණුම කල්පිරුන පසු නැවත තැන්පත් කළ යුතූයි. මේවා නැවත අලුත් කිරීමට වයසක පුද්ගලයින්ට බැංකූවලට නිතරයාම අපහසු ය. මෙවැනි තීන්දු ගන්නා විට අපහසුතාවයට පත්නොකර සාධාරණ තීන්දු ගන්නා ලෙස ඉල්ලා සිටිමි.