
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, එරට ඩකා අගනුවර, උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩා වැටුණි. කඩා වැටුණු ගුවන් යානය පුපුරා ගියේය.
පිපිරීමත් සමග පාසලේ ගින්නක් ද හටගත්තේය. අනතුරින් එක් අයකු මියගිය බවත් සිවු දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
තුවාල ලැබූවන් සිවිල් වැසියන්ද නැතහොත් හමුදා නිලධාරීන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ගිනන නිවා දැමීමට ගිනි නිවන භටයන් කැදවිණි.
පාසලට කඩා වැටුණේ F-7 BGI ප්‍රහාරක ජෙට් යානයක් බවත්, මෙය බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු යානයක් බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd