(ඩේලි මිරර්)
මන්නාරම් මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති වෙනුවෙන් වැයකළ රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමට ලබාදීමට රජයට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
එම ව්‍යාපෘතිවලින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත්වීමෙන් පසුව ඒ සඳහා වියදම් කළ මූලික මුදල බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමින් පසුගිය මැයි මාසයේදී ලිපියක් යොමුකර තිබිණි.
ඒ සමග බලශක්ති අමාත්‍යාංශය නීති උපදෙස් ඉල්ලා සිටි අතර මේ වනවිට අදානි සමාගම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මූලික මුදල ආපසු ගෙවන ලෙස නීති උපදෙස් ලැබී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ව්‍යාපෘති සඳහා ආපසු ගෙවන මුදල රුපියල් මිලියන 300 ත් 500ත් අතර වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් බලශක්ති බලපත්‍රය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වියදම් කළ මුදල ආපසු ලබාදිය යුතු නැතැයි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
නැවත ගෙවිය යුතු මුදල ආපසු ගෙවීමෙන් පසුව අදානි සමග එළැඹි ගිවිසුම අවසන් වනු ඇති බවත් ඉන් පසුව එම ව්‍යාපෘති සඳහා නව ටෙන්ඩර් කැඳවීමේදී අවශ්‍ය නම් අදානි ග්‍රීන් එනර්ජි සමාගමට නව ලංසුවක් ඉදිරිපත් කළ හැකි බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අදානිට වන්දි ගෙවන්න වෙයි?
ගුණරත්න Sunday, 20 July 2025 10:11 PM
පැලවත්තේ බෝසාලාගේ අකවුන්ට් වල බිලියන ගානක් තියෙනකොට ඔය මිලියන 300 - 500 කියන්නේ නිකම්ම කජ්ජක් නෙහ්
රුවන් Sunday, 20 July 2025 11:38 PM
හිටපු පාලකයන් කරපු වැඩ තමයි. අසුචි නැවතත් ඩොලර් මිලියන ගානක් ගෙව්වා මතක ද?
පන්සිළු Monday, 21 July 2025 12:17 AM
ඒයාට දඩත් ගෙවලා අරන් මෙයාලගෙ යාලුවෙකුට දෙනව ඇති. මෙව්වගෙ ඇත්ත නැත්ත දවසක එළියට එයි.
යෝගා Monday, 21 July 2025 11:22 AM
අනාගතයේ තව නඩුවකට නිමිත්තක්.