
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනකු සමග එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
සම්බාන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව සිදුකළ එම වැටලීමේදී එහි කළමනාකරු වශයෙන් සිටි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd