IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නූලෙන් බේරුණු දඩයම

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලාල් එස් කුමාර)

මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයාව ඔහුට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවිය සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි

එම ගිනි අවිය සමග ජීව උණ්ඩ 25 ක් අඩංගු මැගසිනයක්ද , ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්, උල්පීහියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත

ආරක්ෂක හිස් වැසුම් පැලදි පුද්ගලයන් දෙදෙනෙක් අනවසරයෙන් රාත්‍රී සමාජ ශාලා වෙත ටි 56 ගිනි අවිය රැගෙන ඇතුළු වීමට පැමිණීමේදී එහි ආරක්ෂක නිලධාරී ( බවුන්සර්) ඊට ඉඩ නොදී වැළැක්වීමත් සමගම ඔහුට ආරක්ෂක හිස්වැස්මකින් එම එක් පුද්ගලයකු පහර දීමේදී ඔහු ගිනි අවිය උදුරාගෙන ඇති අතර ඒ සමගම එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ යතුරුපැදිය දමා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි

පලා ගිය එම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය මගින් සීසී ටිවි දර්ශනඅනුව තොරතුරු පරික්ෂා කිරීමේදී ඔහුන් මුහුදු මාවත ඔස්සේ ගමන් කරන බවට අනාවරණය කරගෙන තිබූ අතර එහි හිස් ඉඩමක දමා තිබූ තලය අඟල් 8 ක් සහිත ලී මිට අඟල් 41/2 ක් දිග උල්හියක් හා සම්පූර්ණ මුහුණ ආවරණය සහිත තවත් ආරක්ෂක හිස් වැස්මක් වැස්මක්ද හමුවූ බව කොල්ලුපිටිය පොලිසියිය කියයි

 



අදහස් (1)

නූලෙන් බේරුණු දඩයම

Perakum Liyanagama Monday, 21 July 2025 12:03 AM

ඇල්ලුවයි කියල ඇති වැඩේ මොකද්ද. පුංචි දඬුවමක් විඳල ඇවිත් ආයිමත් වැඩේ පටන්ගන්නව. අපේ රටේ නීති කවද වෙනස් වෙයිද මන්ද. අපි කොච්චර කිව්වත් පාලක බීරි අලින්ට ඇහෙන්නෙ නෑ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site