IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක්

(ගයාන් සූරිය ආරච්චි)

යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සඳහා වඩුක්කෝට්ටේ පොලිසිය අද අහසට වෙඩි තබා ඇත.

ගැටුමට මැදි වු බව කියන තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඉඩමක්  සම්බන්ධයෙන් මෙම ආරවුල ඇති වී තිබූබව පොලිසිය පවසයි.

කුල භේදය හේතු කරගෙන කාලයක් තිස්සේ මෙම ගම් දෙක අතර ගැටුම් පවතින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම දෙපිරිස අතර ගැටුම පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් එම ස්ථානයට ගොස් තිබූ අතර එම පිරිසේ කණ්ඩායම් පොලිසියටද ගල්මුල් වලින් පහර දී ඇති බවත් අනතුරුව එම පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය කටයුතු කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් කිසිවකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර එම ගැටුම සම්බන්ධයෙන් තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (0)

යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site