
රවින්ද්‍ර විරාජ් අබයසිරි )
ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පතක් භාවිත කරමින් මාතලේ නගරයේ රජයේ බැංකු ශාඛාවක එ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් (48084000) වංචනික ලෙස ගත් බව කියන දෙදෙනකු සහ ඊට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පැවසීය.
සැකකරුවන් එම හාරකෝටි අසූ ලක්ෂ අසූහතරදාහක මුදල මාතලේ නගරයේ රජයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් දින 38 ක තුළදී අවස්ථා 387 කදී ලබාගෙන ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බව ද පොලිසිය කීය.
අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඩුබායිහි සේවයේ නියුතු මාතලේ උකුවෙල මානම්බොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයකු නිවාඩු සඳහා මේ රටට පැමිණ ජාත්‍යන්තර ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පත භාවිත කර කෝටි දෙකක පමණ මුදලක් ලබාගෙන නැවත විදේශ ගත වී ඇති බවත් අදාළ සැකකරු නැවත විදේශ ගත වන විට එම බැංකු කාඩ්පත මාතලේ උකුවෙල තවලංකොය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක ඔහුගේ මිතුරකු වෙත දී ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්නියා රස්සාව කරන තැනදී ඩුබායි පොහොසතෙක්ගේ කාඩ් එක කොපි කරගෙන මෙහෙ ඇවිත් වංචා සහගතව සල්ලි ඇදලා රටේ නමත් කැත කළා, මුන්ට උන්ගේ මෑණියන් පෙවූ කිරි මතක් වෙනකම් තලලා අවුරුදු ගානකට හිරේ දාන්න ඕන