IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකා යානයක් උඩදී ගිනි ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව ඩෙල්ටා ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතක් ගතවෙත්ම එහි එන්ජිමක ගින්නක් හට ගැනීම හේතුවෙන් නැවතත් ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩ බෑමට සිදුව ඇත.

ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඇට්ලැන්ටා නගරය වෙත මෙම ගුවන් යානය පියාසර කිරීමට නියමිතව තිබිණි. නමුත් ගුවන් යානය ගුවන්ගත සුළු මොහොතක් යන විට වම්පස එන්ජිමේ ගින්නක් හටගෙන ඇති අතර එහි වීඩියෝ දර්ශන මේ වනවිට විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී.

කෙසේ නමුත් යානය හදිසියේ ගොඩබෑමෙන් පසුව එන්ජිමේ ඇතිවූ ගින්න නිවා දැමීමට ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇති අතර ඉන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත.

ගින්නට හේතුව සෙවීමට මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක මෙම වසරේදී ගින්නක් හටගත් දෙවැනි අවස්ථාව මෙය වේ.

 



අදහස් (0)

ඇමෙරිකා යානයක් උඩදී ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site