
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරිම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරැ අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසීය.
ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව අසලට පැමිණෙන විටත් මහනුවර සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය වීම නිසා ආරක්ෂිත ගේට්ටුව වසා තිබූ බවත් බස් රථයට ඉදිරියෙන් ත්‍රිරෝද රථ කිහිපයක් රේල් ගේට්ටුව විවෘත කරන තෙක් නතර කර තිබියදී පෞද්ගලික බස් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කර ඇති බවත් පොලිසිය කීය.
එම දර්ශන අසල තිබූ වෙළදසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව ද පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මැරීමට තැත්කිරීම යටතේ මේකා හිරේ දාලා ලයිසන් එක ජීවිත කාලෙටම තහනම් කරන්න ඕනෑ...
මිනී මරන්න තැත් කළා කියලා දිගටම රිමාන්ඩ් භාරයේ තියන්නේ නැතුව මේ වගේ අයට ඇප දුන්නාම ඉතුරු අයත් තවතවත් ඔය වැරැද්දම නැවතත් නොකරයිද?
පුදුමාකාර රියදුරන් ඉන්නේ. කෝච්චිය ආවා නම් බසයේ සිටි සියලුම මගීන් අනතුරට පත්වෙනවා. උපරිම දඬුවම් ලැබේවි...!
මෙවැනි කලබලකාරී රියැදුරන්ගේ රියදුරු බලපත් අහෝසි කර මොවුන්ට නැවත වාහන පැදවීම තහනමට ලක්විය යුතුවේ. දඬුවමින් පසු වෙනත් රැකියාවක් කිරීමට අවස්ථාව ඇත.
යාංගල්මෝදර අනතුරින් කී දෙනෙක් මිය ගියා ද? මේවා ඉතාම භයානක වැරදි. නමුත් මේ සම්භන්ධ නීතිය ශක්තිමත් නෑ, ඒ නිසා ඉතා පහසුවෙන් ඇප ලැබෙනවා. වෙනත් රටවල් වලත් මේ වගේ වැරදි වලට නීති නෑ, මොකද වෙන රටවල් වල රියදුරන් මේ වගේ දේවල් කරන් නෑ. අපි නීති සම්පාදනය කරන්ඩ වෙනත් රටවල් කරණකම් බලාගෙන ඉන්නවා, ඒ විදියට නීති හදන්ඩ. ඒත් මේ විශේෂ සිදුවිම සම්භන්ධයෙන් මෝටර් රථ ආඥාපනත අනුව නෙවේ අපරාධ විධි විධාන යටතේ අලුතින් නීති සම්පාදනය කරන්ඩ. නැත්නම් මේ දේවල් වලින් වටිනා මිනිස් ජීවිත විශාල ගණනක් නිරපරාදේ විනාශ වෙන එක වලක්වන්ඩ බෑ. මේ සිදුවීම ඉතාම භයානක පූර්වාදර්ශයක්, යාංගල්මෝදර අනතුරින් පස්සෙ ටිකක් සමනය වෙලා තිබුණ මේ කටයුත්ත දැන් ආපහු පටන් ගන්ඩ අවම ඉඩක්වත් තියන්ඩ එපා.
යාංගල්මෝදර මතක නැද්ද? යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කරන ලදී. 2005 අප්‍රේල් 25 වන දින අලව්ව, යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී බස් රථයක් සහ දුම්රියක් ගැටීමෙන් මගීන් 40 දෙනෙකු මිය ගොස් 35 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර එය රටේ ඉතිහාසයේ වඩාත්ම ඛේදජනක මෝටර් රථ අනතුරු වලින් එකකි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා 152 ක් යටතේ නඩුවක් ගොනු කර තිබුණි. අද නඩුව කැඳවූ විට, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දු කළ අතර, රියදුරු සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කරන ලදී. ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අනතුර සිදුවිය. බස් රථය දුම්රියට මීටර් 75 කට ආසන්න දුරක් ඇදී ගොස් ගිනිගෙන දැවී ගියේය. බස් රථයේ සිටි මගීන් තිස් පස් දෙනෙ
කිසිම ඉවසිල්ලක් නෑ මේ රියදුරන්ට.
මෙයාට මරණ දඬුවම දෙන්න දන්නවනේ අලව්වේ වෙච්චි දේ...