(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ පත්කිරීමට ඊයේ (17) තීරණය විය.
එම කාරක සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාවේදී සළකා බැලීමෙන් අනතුරුව මෙම අනුකාරක සභාව පත් කිරීම කරන ලදී.
මෙම අනුකාරක සභාවෙන් මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉදිරි සාධනීය පියවර ගැනීමට අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමටත් අවශ්‍ය නිර්දේශයන් ලබා දීමටත් අපේක්ෂා කරන බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙහිදී පැවසීය.
2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලශක්තිය දියුණු කරන්න පාර්ලිමේන්තු අනුකාරක සභාවක්