
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වව්නියාව ගුවන් හමුදා කදවුර ඉවත් කිරීමේ සූදානමක පවතින බැවින් ඒ පිළිබද තොරතුරු කඩිනමින් දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරිවරයාට ලිපියක් යොමු කළ බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පැවසීය.
එම සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලකගේ අත්සනින් යුතුව එම ලිපිය යොමු කළ බවත් වව්නියාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිහිටි ඉඩම් නිදහස් කරන ලෙසට කිසියම් හෝ පුරවැසියෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇද්ද,මෙරට සේනාධිනායක වශයෙන් වව්නියාව ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩම් මුදාහැරීමට ආරක්ෂක ලේකම්වරයාට, අගමැතිට, විෂය භාර අමාත්‍යවරයාට, ගුවන් හමුදාපතිවරයාට ජනාධිපතිවරයා නියෝග දී තිබේද යන්න පිළිබද එම ලිපිය විමසූ බවත් එම සංවිධානය කීය.
එම ගුවන් හමුදා කඳවුරට අයිති ඉඩම් අක්කර හෝ හෙක්ටයාර ප්‍රමාණය කොපමණද යන්න තොරතුරු දෙන ලෙස ද වැඩිදුරටත් ඉල්ලීම් කර බවද එම සංවිධානය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වව්නියාව ගුවන් හමුදා කඳවුර කියන්නේ ගුවන් හමුදා කඳවුරක් විතරක් නොවෙයි. ගුවන් තොටුපලක්. ඒක එහෙම අයින් කරන්න පුළුවන් කඳවුරක් නොවෙයි. මේ මිනිස්සුන්ට පිස්සු....