(අංජුල මහික වීරරත්න)
ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම නිසි පරීක්ෂණ සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ නිරීක්ෂණ චාරිකාවකින් පසු අමාත්‍යවරයා මේ බව කීය.
මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල ජාතික මට්ටමේ සේවා සපයන රෝහලක් ලෙස සේවා කටයුතු විධිමත් කිරීමට අදාළව කරුණු සොයා බැලීම ය.
එම අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ අතරම වාට්ටු සංකීරණ ද සිය නිරීක්ෂණයට ලක් කරමින් රෝහල් පාලන අධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩල සමග වර්තමානයේ උද්ගතව ඇති ගැටළු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
රෝහලේ සම්පත් අපතේ නොයවා ප්‍රදේශයේ ජනතාවට ඉහළ ගුණාත්මක වටිනාකමකින් යුතු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට විධිමත් සැලස්මක් යටතේ කටයුතු කළ යුතු බවත්, එමෙන්ම රෝහලේ සේවක පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට ක්‍රියාකරණ බවත් අමාත්‍යවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 04
443
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඖෂධ අලෙවියේ අසාධාරණ ලාභ ගැන අල්ලස් කොමිසමේ පරීක්ෂණ