IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සබරගමු නවක වද සිද්ධියට උපකුලපති වෙනුවෙන් නීතිපති නෑ

(රන්ජන් කටුගම්පොල)

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ජයනි වල්ගම්පාය මහත්මිය මේ බව දැනුම් දුන් අතර කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම අගෝස්තු 29 වැනිදා කැඳවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සියදිවි නසාගත් සිසුවාගේ මව්පියන් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් යළි නොතීසි නිකුත් කළේය.

පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා ගොනුකරන ලෙස අධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරිය සහ ලේකම් චරිත් ගල්හෙන යන මහත්වරු ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් සබරගමුව විශ්ව විද්‍යාලය  උපකුලපතිවරයා, සනාථන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

 



අදහස් (0)

සබරගමු නවක වද සිද්ධියට උපකුලපති වෙනුවෙන් නීතිපති නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site