
(නිමල් ජයරත්න )
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසයි.
මියගිය වන අලියා අවුරුදු හතළිහක් පමණ වයසැති උඩ අඩි 8 ක් පමණ වයසැති වන අලියෙකු බව වනජීවී නිලධාරියෙකු සඳහන් කළේය.
වන අලියා දුම්රියේ ගැටීමෙන් පසු, වේදනාවෙන් කෑගසමින් නිවසක් අද්දරින් පොළොන්නරුව මඩකලළපුව ප්‍රධාන මාර්ගයට පැමිණ සුදු නෙළුම්ගම ගම්මානයේ දැන්වීම් පුවරුව අසලට පැමිණ වැටී මියගිය බව ඇසින් දුටු ප්‍රදේශවාසීන් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය රියදුරු මැදිරියේ මොනවදෝ හයි කරනවා කිව්වා. අර අලින් හයදෙනෙකු මැරුණ වෙලාවේ. කොහේ හරි වැරදි තැනකවත් එම ගැචට් එක හයි කරල ද දන්නේ නැහැ. දන්නේ නැති නිසයි අහන්නේ.
මීට මාස කිහිපයකට උඩදීත් මෙහෙම අලි කිහිප දෙනක් මේ ස්ථානයේ දුම්රියට බිලිවී මිය ගියාට පසුවත්, ඒ ගැන කිසි ක්‍රියාමාර්ගයක් නොගත් අදාළ නිලධාරීන්ට සහ විෂය බාර ඇමැතිට විරුද්ධව නීතිය කියාත්මක කළ යුතුයි...
අලිගැවෙසන තැන්වල නවත්ත ගන්න පුළුවන්ගානට යන්න.