
(සුජිත් හේවාජුලිගේ)
හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන්ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනකු හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනා හා හිටපු මන්ත්‍රීවරුන්ගේ දරුවන් හත් දෙනා වෙනුවෙන් පසුගිය වසරේදී පමණක් කෝටි 36 කට ආසන්න මුදලක් වැය කර තිබෙන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශ වාර්තාවල සඳහන්වේ.
මේ අනුව හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් පසුගිය 2018 වර්ෂයේ සිට පසුගිය වර්ෂය දක්වා රුපියල් කෝටි 218ක් පමණ වැය කර ඇත.
2018 වර්ෂයේදී කෝටි 21 කට වැඩි මුදලක්ද 2019 දී කෝටි 28කට වැඩි මුදලක් ද 2020 දී කෝටි 35කට වැඩි මුදලක්ද 2021 වර්ෂයේදී කෝටි 31කට වැඩි මුදලක්ද 2022 වර්ෂයේදී කෝටි 33 කට වැඩි මුදලක්ද 2023 වර්ෂයේදී කෝටි 32 කට වැඩි මුදලක්ද හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප වෙනුවෙන් මෙසේ ගෙවා ඇත.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට රජය මුලින් ප්‍රකාශ කළද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් විශ්‍රාම වැටුප ගෙවීම දිගටම කරගෙන යන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විශ්‍රාම වැටුප එසේ අහෝසි කරනු ලැබුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සකස් කළ නොහැකි හෙයින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නීතිමය වශයෙන් ඉඩකඩ නොසැලසෙනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදර වරු ඔය විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නැතිව ,අපිට හැරෙන හැරෙන පැත්තට බදු ගසමින් අපේ බදු මුදල් වලින් මැරෙනකන් ම යැපෙන්න බලාගෙන ඉන්න එක නං සමාජ වදයට ගැලපෙන්නේ නැහැ මන් හිතන්නේ
පාර්ලිමේන්තුවට යන්න දඟලන්නේ ඕවට තමයි . මේක පුදුම රටක්. බයිසිකලයක් ගෙදර නොතිබුණු අර යන්නේහතර දෙනෙක්ගේ යාන වාහන වල .බිම් අඟලක්වත් නොතිබුණු අය හෝටල්, ගෙවල් හදනවා. මින් මත්තට චන්දෙ තියන්නෙ ඕනේ මේ ජාතික අපරාධ කල අයට දඬුවම් කලාට පසුවයි
වැන්දඹු සහ අනාථ දරුවන්ට විශ්‍රාම වැටුප දීමේ වරදක් නැහැ. ප්‍රශ්නය මාලිමා ආණ්ඩුවේ 19 දෙනෙක් ඉන්ධන දීමනාව පාර්ලිමේන්තුවෙන් සහ අමාත්‍යාංශයෙන් යන දෙකෙන්ම ගන්නවා කියලා අහන්න ලැබුණු පුවත. මොකද ආණ්ඩුව ආවේ ඔය දේවල් කරන්නේ නැහැ කියා දේශනා කරමින්...!
රජයේ අනිත්සේවකයින්ට මෙන් ඔවුන්ටත් හිමිකම් ඇති තාක්කල් ගෙවීම් ගැටළුවක් නොවේ. නමුත් ඔබ බලයට පැමිණියේ මේ සියල්ල වහාම නවත්වන බව පවසමිනි. ඔබටත් රසය දැනෙන බවත් ඉවත් නොකරන බවත් පෙනේ. ඔබ නීති සම්පාදකයා වන බැවින් සාමාන්‍ය ජනතාවට මෙය කීමෙන් ඵලක් නැත.
රජය පැත්තෙන් බැලුවොත්, මන්ත්‍රී විශ්‍රාම වැටුප් නීත්‍යානුකූලව, අතීතයට බලපාන අකාරයට අහෝසි කරන්න බැරිබව පිළිගැනීම සාධාරණයි. එහෙත් අද පිං පඩි ලබා ගන්නා මෙම රටකාපු හිඟන පරපුර තව වසර පනහකින්වත් "වැලිගම්" ගොස් බදු ගෙවන්නන්ගේ රීරි මාංශ උරාබීම නවතිනු ඇත. එම උපකල්පනය මත පිහිටා, අනාගත පරපුර වෙනුවෙන් හෙට දවස තීරණය කිරීම සඳහා, මන්ත්‍රී කට්ටන්ගේ "පිං පඩි" ඇතුළු අනෙකුත් දීමනා අහොසි කිරීම සඳහා නව නීති සම්මත කර ගැනීමට පුළුවන් කාලය දැන් එළඹ තිබේ...!
තුනෙන් දෙකක බලයක් තියෙන නිසා එසේ කරන්න බැරි ඇයි?
මෝඩ කතාවක්. විශ්‍රාම ගෙවන්නේ වැන්දඹුවන්ට. ඒක තමයි ක්‍රමේ.