
(අංජුල මහික වීරරත්න)
පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන මෙය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව හරි වෙන්න පුලූවන් ප්‍රාථමික පන්තිවලට! සාමාන්‍ය පෙළ උසස් පෙළ පුද්ගලික පන්තිවල ළමුන් තුන්සීයක් හාරසීයක් දමලා උගන්වන ක්‍රමය දවසින් දවස දියුණු වෙලා! උසස් පෙළ ළමයි පාසල් එන්නෙම නෑ උපාධිකාරයෝ නිකන් ඉඳලා පඩි ගන්නවා! මේ 25 -30 කතාව ක්‍රියාත්මක කරන්න කියලා අලුතින් ගුරුවරු අරගෙන පන්ති කාමර වැඩි කරලා බංකොලොත් වෙලා හොම්බෙන් යන රටට තවත් වැය බරක් ඇති වෙනවා මිස කිසිම දෙයක් වෙන්නේ නෑ.
අතිරික්ත ළමයි දාන්නේ රෙද්ද අස්සෙ ද?
පෞද්ගලික පංති වල ඔය ඉන්නෙ ගෙඩක් ළමයින්. හැම දරුවෙකුටම අවස්ථාව දීම සහ රටට ආදරය කරන දරුවන් බිහි කිරීමයි අවශ්‍ය . ඉතිහාසය , සෞන්දර්ය හිමීට අයින් කරලා දාලා රටක් ජාතියක් ආගමක් නැති මාලිමා පෙන්දො ටිකක් බිහි කරන්නයි සූදානම. එන එක එකා අත තියන්නෙම ඉතිහාසය ට.
කොරාණ් පුළුවන් නම් කොරාණ්ඩ ප්‍රස්නේ ඕවට කෝ ඉඩ කඩ? කෝ ගුරුවරු? කෝ සල්ලි?
අගමැතිතුමියනි O/L පාස් වෙන සියලුදෙනා A/L කරන්න යවනවා. නමුත් විශ්ව විද්‍යාලවල ඉඩ තිබෙන්නේ A/L කරන සිසුන්ගෙන් 10%ටත් අඩු ප්‍රමාණෙකට එමනිසා විශාල සිසුන් සංඛ්‍යාවක් අතරමන් වෙනවා. ඊට පස්සේ වසර ගණනාවක් ඔවුන්ගේ ජීවිත අයාලේ, නිකරුනේ ගෙවිලා යනවා. මේ හැමෝම A/L කරන්න යවන්නේ නැතුව ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් , දක්ෂතා සහ කැමැත්ත සලකලා ඔවුන්ට යුරෝපේ තිබෙන ආකාරයට අංගසම්පූර්ණ වසර 3ක වුර්තිය පුහුණුවක් දුන්නා නම්, එම තරුණ තරුණියන්ට සහ රටටත් වැදගත් නේද? දැනට A/L වියදම් කරන මුදල් ප්‍රතිපාදන වලින් මේක කරන්න පුළුවන් නේද? අද රටට තිබෙන විශාල ප්‍රශ්නයක් නේද පුහුණු ශ්‍රමිකයින් නොමැතිකම..?
ඇත්තටම හොඳම වැඩක් ජනප්‍රිය පාසල්වල පන්තිවල හා ගම්වල පාසල්වල පාසල්වල ගුරුවරුන්ගේ හා දරුවන් අතර සම්බන්ධය ලොකු වෙනසක් තියෙනවා. ළමයි වැඩි වුණාම කරදරයි.
ඔය ශිෂත්ව විභාගෙට ඉංග්‍රීසි භාෂාවත් ඇතුලත් කලානම් ගම්බද ළමුන්ට කරන විශාල සුබසිධියක් , ඔවුන් වැඩිහිටි වියට පත්වුනහම වැරදී කියන ලජ්ජාවට ඉංග්‍රීසි කතාකිරීම අතහැර දමනවා එමගින් ඔවුන්ට ලැබෙන අවස්ථා විශාල ප්‍රමානයක් අහිමි වෙනවා , ශිෂ්‍යත්වයට මේක දැම්මොත් අම්මලා කොහොම හරි තරගෙට ටියුෂන් වලට ළමුන් ඇදගෙන ගහින් ඉංග්‍රීසි උගන්වනවා, පොඩි ළමුන් වැරදි වැරදි හරි බිය නැතිව ඉංග්‍රීසි කතා කරනවා , එහෙම වුනොත් මේක වැඩි වියට පත්වුනහම ගොඩක් වටිනවා ,
මෙතන කමෙන්ට් දාන බහුතරයක් ලංකාවේ විතරක් දන්නෙ, උදාහරණයක් විදියට අපේ ආසියාවේ ජපානයේ, චීනය, දකුණු කොරියාවේ, සිංගප්පූරුවේ පන්තිකාමරයක ඉන්න ළමයිගාන බලන්න. ඒ අයගේ අධ්‍යාපන වගේම හැදියාව බලන්න. ටියුෂන් වල 3000-4000 හිටියට උසස් පෙළ සමත් ප්‍රතිශතය කීයද? විශ්වවිද්‍යාල වලවත් එකට 3000ක් උගන්වන්න පුළුවන් ද? MIT, Oxford වලත් තියෙනවා ද?
පුදුම දොස්තරලා ඉන්නෙ මේකේ, සල්ලි හොයන එක ආණ්ඩුව කර ගනී , කරන්න යන දෙය ඉතාමත් හොදයි...
පන්ති කාමරයේ ඉන්න ගණන ගැන සිතනවාට වඩා පන්ති කාමරයේ දෙනු ලබන අධ්‍යාපනයේ ගුණාත්මක නගා සිටුවන්නට කටයුතු කළොත් තමයි වඩාත් හොඳ...