
වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය.
ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට සන්දේශයක් යවමින් වෙසක් පුන් පොහෝය මැයි 1 වැනි දිනට නොව මැයි 30 වැනි දිනට යොදා ගන්නැයි කළ ඉල්ලීමක් කිරීම ගැන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීයා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හරි උගතා... මා හරි ජගතා... සිතනා මිනිහා මෝඩයෙකි යන උද්ධච්ඡ බවින් මිදීමම ජයග්‍රහණයකි. ධර්මය ඔබට මග පෑදේවා...!
වෙනත් බෞද්ධ රටවලුත් මේ සඳහා එකඟ කරගැනීමට කටයුතු කලොත් නේද හොඳ... ජාත්‍යන්තර නිවාඩු දිනයක්වන වෙසක් දිනය මැයි දිනය සමග එකදාට සැමරීම දුෂ්කර කරුණකි...
කයිතන්ලාගේ වැඩේ අවුල් වුණා... පව්.
දේශපාලන ගුණ්ඩුවක් මේක, මැයි පළවෙනිදා පෝය වෙනස් කරන්න මහානායක හාමුදුරුවරු බළල් අතක් වගේ යොදාගැනීම නින්දිත වැඩක්. පුන් සඳ පායන දිනය තමයි බෞද්ධ අපගේ පෝය දිනය. එහෙම නැතිව ආණ්ඩුවට හිතෙන දවස් නෙවෙයි.
නැකත්වලටම හැමදේම කරන හින්දා තමයි රට ස්වයංපෝෂිත වෙලා ලෝකෙටම අපි ණය දෙන්නේ. සංවර්ධනේ උතුරනවා.
පචෝරිස්ලාගේ සැලසුම් වතුරේ ගිය එක අවාසනාවක්...
ආණ්ඩුව මොනවා කළත් අපි වෙසක් සමරන්නේ මැයි 1 සහ 2 දින දෙකෙහි පමණයි
මුට්ටිය දාලා බලන්න ඉස්සෙල්ලාම...