
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර, එරගම මානික්මඩු පුරාණ රජමහා විහාරයේ ඓතිහාසික චෛත්‍යෙය් කැණිම් කටයුතුවලදී අනුරාධපුර මුල් යුගයට අයත් පුරා වස්තු රාශියක් හමුව ඇතැයි පුරා විද්‍යා දෙපාතමේන්තුව කියයි.
මෙම දිනවල මෙහි කැණිම් සිදු වන අතර , පුරා වස්තු රාශියක් හමුවෙමින් පවති.
මේ වෙනවිට මැටියෙන් කරන ලද කොත් කැරැල්ලක් , පබලු, කුඩා මැටියෙන් කරන ලද කරඩුවක් ,වාමන රුපයක්, පහනක් ඉපැරුණි ගඩොල් වලං කැබැලි. යකඩ ඇන ආදිය හමුවි තිබේ.
දැනට කැණිම් කරන ලද ප්‍රමණය අනුව අනුරාධපුර මුල්යුගයේ ඉදිකරන චෛත්‍යක් බවට සාධක ඇති බව පුරාවිද්‍යා කැණිම් භාර නිළධාරි ප්‍රසන්න සුභසිංහ මහතා පවසයි.
දිඝවාපි චෛත්‍යට යන මාර්ගයේ මෙම විහාරස්ථාන පිහිටා තිබේ සද්ධාතිස්ස රජ සමයේ දිඝවාපිය ආරම්භ කරන කාලයේ ඒ අවට තවත් පරිවාර චෛත්‍යය කිහිපයත් ඉදිකර ඒව නටබුන්ව පවති.
ඉන් එක් පිරිවාර චෛත්‍යක් ලෙස මාණික්කමඩු දීඝවාපි පරිවාර චෛත්‍යය හැදින්විය හැකිය. තවත් සති දෙකක කාලයක් පමණ මෙම කැනිම් කිරිමෙන් අනතුරුව මෙම චෛත්‍යය සංරක්ෂණය කිරිමට සැලසුම් කර තිබේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ථමාන පාලකයින්ට ඉතිහාසය ගෙඩගන්න නොවේ වලදාන්නයි ඕනෑ. ඒ නිසා පරිස්සමෙන්...
කලකට පෙර දීඝවාපි අවට ඩෝසර් කරන ලද චෛත්‍ය සියල්ල නැවත පිළිසකර කරන්න....
පින්සිළුගේ මාමා සජිත්, මහින්ද නම් දන්නවා ඉතිහාසය ගොඩ අරන් එකෙන් ඩොලර් මිලියන ගානක් හොයපු විදි. හෙට අනිද්දා හම්බවෙයි. මතකනේ කෙහෙළිය ගාවත් තිබ්බ පෞරාණික පුරා වස්තු ටික. ඇමතිලා ගාව තියෙනවා ඒවා එකතු කරලා වෙනම කෞතුකාගාරයක් දාන්න පුළුවන්.