
(ෂේන් සෙනෙවිරත්න)
උඩදුම්බර මීමුරේ හබරකැටිය පටු මාර්ගයදී වෑන් රථ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත්හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබුවන් අතරින් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් කඩිනමින් තෙල්දෙණිය හෝ මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෙම අනතුර උඩුදුම්බර පොලිසියේ සිට කිලෝමීටර 25ක ත් එපිටින් ඇති දුෂ්කර පාරකදී සිදුවී ඇතැයි පොලිසිය කියයි. මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් ඔවුන් කඩවත සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුකරේ පාරවල් ගොඩක් පටුයි. ඒක නිසා මාර්ගය ගැන හොඳින් දන්නා පළපුරුදු රියදුරෙක් එක්ක යන්න ඕන.