
(ටී.කේ.ජී.කපිල )
ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව ( Smart Drain ) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් " 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය " හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
වැසි දින වල නගර ආශ්‍රිතව කාණු පද්ධති , ප්ලාස්ටික් සහ පොලිතීන් සිර වීම නිසා , නිතර ජල ගැලීම් ඇති වේ .
මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කරන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යාමට අවස්ථාව සළසා දෙනු ලබයි .
එමගින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාළනයට මහත් සේවාවක් ලොව පුරා ඉටු කරනු ලබයි . මෙම සම්මාන උළෙල , ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සදහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබුණි .
මෙම සම්මානය දිනා ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඊයේ (19) දින රාත්‍රී 06.30 ට මාළදිවයින මාළේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආඩම්බරයි...!
මව් රටට කීර්තියක් ගෙනදුන් මේ මහත්මිය රටට ආදර්ශයක් ගෞරවයක්
මේ වගේ වැදගත් ආටිකල් එකකටත් නෙගටිව් කොමෙන්ට්ස් දමන .....පුතාලා මේ රටේ තවමත් ඉන්නවා.
ඔබතුමියට මගෙන් සුබ පැතුම් ලංකාවේ නව සොයා ගැනීම් වලින් හුඟක් ප්‍රයෝජන ගන්න වෙනත් රටවල්