IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පොළොන්නරුව රෝහලට ජපානෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක්

(අංජුල මහික වීරරත්න)

උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව  ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ  නිරීක්ෂණයට ලක්විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලු රෝහල්  විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ  සංවර්ධනය කරමින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන 500,000 ක පමණ ජනතාවට මෙන්ම මඩකළපුව, අම්පාර, මාතලේ, ත්‍රිකුණාමලය, අනුරාධපුර වැනි අවට දිස්ත්‍රික්ක වල ජනතාවට ද  ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම  නිරීක්ෂණය කළේය.

මෙහි දී පොළොන්නරුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය,  ඇතුළු බොහෝ ඒකක මෙන් ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘති වල වත්මන් තත්ත්වයන්, ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ  නිරික්ෂණයට ලක් විය.

ජපානයේ  ස්වේච්ඡා පදනමක් වන "GS CHARITY" විසින් රෝහල වෙත පරිත්‍යාග කරන ලද රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා යොදා ගන්නා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 2 ක් මෙහිදී මැදවච්චියේ ධම්ම ජෝති හිමි විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත බාර දුන්නේය.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස හා  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පී බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න, සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද  කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

පොළොන්නරුව රෝහලට ජපානෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site