
(අංජුල මහික වීරරත්න)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් සම්පුර්ණයෙන්ම වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර් 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතින බව
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කීය.
හලාවතින් පසුගිය 18 වන දින එක්දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය OFRP-A-2925CHW යාත්‍රාවේ වර්ණකුලසුරිය නිහාල් රංජන් පුනාන්දු සහ වර්ණකුලසුරිය ජුඩි ලක්ෂ්මන් පුනාන්දු යන ධීවර කාර්මිකයින් දෙදෙනා මේ දක්වා ආපසු පැමිණි නොමැති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් යානයක් යොදවා සෝදිසි මෙහෙයුමක් දියත් කළ ද, ඔවුන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැතැයි ධීවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය කියයි.
බේරුවල වරායෙන් පසුගිය 15 වැනිදා පිටත්ව ගිය " සුබ පැතුම්" (KLT 919) නම් ධීවර යාත්‍රාව 19 වන දින ආපසු වරාය බලා පැමිණෙමින් තිබියදී එස්. එම්. සිල්වා නම් ධීවර කාර්මිකයෙකු මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, මෙතෙක් සාර්ථක වී නැතැයි ද අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ධීවර වැඩට මූද පළාතේ යන්න එපා’’