IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හිටපු ඇමති සාලින්දගේ ඉඩම් හුටපටය අල්ලස් කොමිසමට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ  අක්කර 76ක ගොඩ මඩ ඉඩමක්  සිය බිරිඳ සභාපති ධූරය දරූ හිරියාල ගොවි සමාගමට බදු දීමෙන් පසු අදාල  බදු මුදල් නොගෙවා රජයට  පාඩු කරන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  ලබන සතියේදී  පැමිණිලි කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා  ලංකාදීපයට  පැවසීය.

මෙම ඉඩම කෘෂිකර්ම අමාත්‍යාංශයට 2000 වර්ෂයේදී පවරා ගැනීමෙන් අනතුරුව එම ගොවි සමාගමට බදුදී  තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ඉඩම සංවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය කෝටි පහකට වැඩි මුදලක් වැය කර ඇතත්  ඉඩමෙන් සත පහක හෝ  බදු මුදලක්  රජයට ලැබී නොමැති  බව පැවසූ සුසිල් රණසිංහ මහතා මෙම සිද්ධියට එවකට හිටපු ඇමතිවරුන් ජනාධිපතිවරුන් සහ ඉඩම් කොමසාරිස් සම්බන්ධවී ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවද  සඳහන් කළේය.

මෙම ඉඩම රජයට නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බැවින්  මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද  පත් කරනු ලැබ ඇත.

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගියදා කරුණු අනාවරණය කළේය.

මේ අතර රජයේ ඉඩම් මහා පරිමාණ ලෙස අවභාවිත  කළේ  යැයි කියන මහනුවර සහ ගම්පහ පිරිසක්  සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇතැයිද  නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (0)

හිටපු ඇමති සාලින්දගේ ඉඩම් හුටපටය අල්ලස් කොමිසමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site