
(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)
වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලබමින් උඩවළව ඇත්අතුරු සෙවණේ සිටි අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව මව්ආර ප්‍රදේශෙය්දී වනාන්තරයට මුදා හැරියේය.
ඩොලා , සේරා, රම්බරී යන ගැහැණු අලි පැටවුන් තිදෙනා සහ බාලන් , තිස්ස, තමිල් යන පිරිමි අලි තිදෙනා තනිවම හැසිරෙමින් ආහාර ,ජලය ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන වයසට එළඹීමෙන් පසු නිදහස් කිරීමට වන නිලධාරීන් මෙලෙස පියවර ගෙන තිබිණි.
ඇත්අතුරු සෙවණේදි සුළු උත්සවයක් පවත්වා උඩවළව ජාතික උද්‍යානයට නිදහස් කිරිමට නියමිත අලි පැටවුන් වාහනවලින් රැගෙන ගියේය.
වාහන වලින් ගෙනා අලි පැටවුන් වනයට මුදාහැරීමට පෙර එතැනට වැඩම කළ මහා සංඝරත්නය සෙත්පිරිත් සච්ඡායනා කර සෙත් පිරිත් හඩ මැද අලි පැටවුන් හය දෙනා මව්ආර වැව ඉස්මත්තෙන් වනාන්තරයට මුදා හැරියේය.
නිදහස් කෙරුණ අලි පැටවුන් 06 දෙනාගෙන් තිදෙනෙකුගේ සඥා කරපටි පළඳනු ලැබ තිබිණි. ඒ ඔවුන්ගේ වනගත ජීවිතය නිරීක්ෂණය කිරීම සඳහා ය. මව අහිමි වූ අලි පැටවුන් 181ක් පමණ 1995 සිට 2025 දක්වා වු තිස් වසරක කාලය තුල වනයට මුදාහැර තිබේ.
ඇත් අතුරු සෙවණේ ආදරය රැකවරණ ලැබීමෙන් පසු ඔවුන්ගේ නිජබිම් වෙත මේ වනවිට නිදහස් කර ඇත. මෙවර නිදහස් කෙරුණේ 26වන කණ්ඩායමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු.. ලොකුම පිංකමක්. එයට උදව්කළ සහභාගී වූ සියලු දෙනාටම පිං ලැබේවා..!