මොරගහකන්ද වාන් දමයි මධ්‍යම කඳුකරයේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් එහි වාන් දොරටුවක් විවෘත කළ බව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වී.එස්. බණ්ඩාර මහතා පැවසීය. 19 January 2025
මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කියයි. 19 January 2025
දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම් දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 19 January 2025
විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරයෙකුගේ ශරීරය මතට විදුලි බුබුළු වළල්ලක් කඩා වැටීමෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. 19 January 2025
බස් -බස් ගැටී 57ක් රෝහලේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 19 January 2025
නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අල්ලයි පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක් ඇතුලු පස් දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි. 19 January 2025
කෝටි 28 හිමිකරු මාට්ටු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 19 January 2025
දුම්රිය ගමන්වාර 28 ක් අවලංගුයි දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක් ද අවලංගු කර තිබේ. 19 January 2025
යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලක හිමිකරු බියවද්දා රුපියල් ලක්ෂ 30 ක් බලෙන් ලබාගෙන පලා ගිය යුද හමුදා විශේෂ කාර්යාංශයේ සෙබළුන් දෙදෙනෙකු, රක්ෂණ සමාගමක දිස්ත්‍රික් කළමනාකරුවෙකු ඇතුළු සිව් දෙනකු ඊයේ( 18) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 19 January 2025
බොහෝ පළාත්වලට අදත් තද වැසි උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 19 January 2025
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 22 දා රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 19 January 2025
ඔට්ටු මධ්‍යස්ථානවලින් රුපියල් කෝටි 262 ක බදු පොල්ලක් සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 19 January 2025
රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 18 January 2025
ඌවපරනගම මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 18 January 2025
ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල් ලක්ෂ දෙකකට විකුණූ තවත් ටී56 ගිනි අවියක්, මැගසීනයක්, උණ්ඩ 11 ක් සමග වෙළෙඳසල් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 18 January 2025
ගාල්ලේ ප්ලාස්ටික් අලෙවිසලක ගින්නක් ගාල්ල තනි පොල් ගහ හන්දිය ප්‍රදේශයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය අලවි වෙළඳ සැලක ගින්නක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි. 18 January 2025
ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය අරඹයි සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරුමයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඊයේ (17) ආරම්භ කළේය. 18 January 2025
කළුතර කුණු ගොඩක ගින්නක් කළුතර ධර්මරාජ මාවතේ ඇල ඉවුර ආසන්නයේ අබිලි ද්‍රව්‍ය ගොඩගසා තිබු ස්ථානයක අද දහවල් ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි . 18 January 2025
කෑමට කඩයට ගිය සිසුන් හයක් කඩයත් කඩාගෙන හෙළකට වැටේ ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ වැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 18 January 2025
’ඊ ටිකට්’ ජාවාරමට මාකුඹුර පොලිස්මන්වරයාගේ වැඩ තහනම් දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 January 2025
ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 18 January 2025
දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2025
පළාත් කිපයකට අද වැස්ස වැඩි වේ උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2025
මස්කෙළියේ වතු පෙළක ගින්නක් මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. 18 January 2025
අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 18 January 2025
රටට අවශ්‍ය ඖෂධ ඉක්මනින් හදන්න පියවර මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දුන්නේය. 18 January 2025
පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතාගෙන් අද (10) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 17 January 2025
ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම පිළිබඳව දැනගන්න ලැබී ඇත. 17 January 2025
වතුකරයේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර 60ක් වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 17 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025