කුලී රථ රියදුරා ගුවන් මගියාගේ ලක්ෂ 9කට විදලා ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 March 2025
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක් පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. 31 March 2025
තරු හෝටලයේ ඉහළ මාලයෙන් වැටුණු තරුණයාගේ ලිපිය ’’සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සි හැමදාමත් මම හිතින් විඳවනවා, දුක දරාගන්න අමාරුයි, ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න 31 March 2025
පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවනදුරුගොඩ මහත්මිය විසින් රිමාන්ඞ් භාරයට පත් කල නීතිඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 31 March 2025
’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 31 March 2025
ගොඩක් අයට වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාගන්න වෙයි හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වේවි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාතර වැලිපිටියේදී පැවසීය. 31 March 2025
‘රොටුඹ අමිල’ රුසියාවේදී අත්අඩංගුවට පාතාල කල්ලි නායකයෙක් වන අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ නැමැත්තා රුසියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 31 March 2025
විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 31 March 2025
’මඩට යන්න එපා’’ මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් මැතිවරණ අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත. 31 March 2025
උද්ධමනය තවත් ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව මාර්තු මාසයේදී මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 31 March 2025
විදෙස් යුවළ ගමන්ගත් රියේ ගැටී පෙදරේරුවා මරුට අනුරාධපුර , කවරක්කුලම ඒ 13 මාර්ගයේදී, විදෙස් ජාතික යුවළක් ගමන් කරමින් තිබූ මෝටර් රථයක යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 31 March 2025
විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක් පානදුර විදුලි උප පොලේ ප්රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 March 2025
පෙට්‍රල් බෝම්බයට පස් හැවිරිදි දරුවා බිළි නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ 5 හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි . 31 March 2025
ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය. 31 March 2025
පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදුන් එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව ධර්මපුරම් පොලිසිය කියයි. 31 March 2025
මගියාගේ පසුම්බියට විද්ද සැරයන් මාට්ටු දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 March 2025
දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ. 31 March 2025
මැතිසබේ තඹදොර හදන්න හමුදාව පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය. 31 March 2025
හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 31 March 2025
ත්‍රිරෝද රිය දෙන්නෙකුට මරු කැඳවයි පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි. 31 March 2025
අම්බලන්තොට වෙඩි තැබීමක් අම්බලන්තොට කොග්ගල්ල කඩවර ප්‍ර දේශයේ නිවසකට අද (31) අලුයම් කාලයේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 31 March 2025
අනාගතය ශක්තිමත් කරන්න එක්ව වැඩ කරමු ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය රාමසාන් දින පණිවිඩයෙන් පවසයි. 31 March 2025
අලුත් දේශපාලන සංස්කෘතියට රාමසාන් ආදර්ශයක් මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් ගොඩනැගීමට දරන උත්සාහයේදී රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාමසාන් දින පණිවිඩයෙන් පවසයි. 31 March 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 March 2025
දොස්තර කුඩු ගහද්දී මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 31 March 2025
රාමසාන් උත්සවය අදයි ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ. 31 March 2025
ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය 30 March 2025
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය. 30 March 2025
නීතීඥ සංගමයේ නව සභාපති රජීව් අමරසූරිය දිවුරුම් දෙයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු විය. 30 March 2025
චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනීමට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 30 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026