ගංවතුර නිසා පාර මාරු කළ බසයේ පෙරළී 14ක් රෝහලට ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී පෙරලිමෙන් 14 තුවාල ලබා ඇතැයි සේරනුවර පොලිසිය කියයි . 20 January 2025
විශේෂ ආරක්ෂාව ඩී.අයි.ජී. විශාන්තට බාරදෙයි පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරනු ලැබ සිටී. 20 January 2025
පොලීසියේ දෙන්නෙක්ට පහරදුන් 5ක් අත්අඩංගුවට ත්‍රිරෝද රථයේ නලාව නාද කළැයි උරණව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසියය කියයි. 20 January 2025
දින තුනකට පසු දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 20 January 2025
අදත් වැස්සේ අඩුවක් නෑ උතුරු,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 January 2025
වැස්ස නිසා උතුරු මැද පාසල් අද නෑ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික් දෙකේ රජයේ සියලුම පාසල් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (20) නිවාඩු දිනයක් ලෙස උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඊයේ (19) රාත්‍රී ප්‍රකාශයට පත්කෙරිණි. 20 January 2025
“ ඔබට ගෙයක් රටට හෙටක්’’ව්‍යාපෘතියෙන් කෝටි ගණනක් ගහලා නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වනවිට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 20 January 2025
ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්යීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. 20 January 2025
දුම්රිය ආසන තත්පර 30න් අවසන් උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 19 January 2025
ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දහඅටක (18) පාසල් දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. 19 January 2025
උපස්ථායක,සාත්තු සේවක වෙයි රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත. 19 January 2025
‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘ අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා ’’ යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය . 19 January 2025
මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 19 January 2025
නැගෙනහිර පාසල් හෙට වැසෙයි පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි. 19 January 2025
හුළුගඟේ ගිය ජිප් රියේ සිටි දෙකක් මරුට:අයෙක් අතුරුදන් පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි. 19 January 2025
උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීමට ගිය පුද්ගලයකු කොටුවී සිටියදී පැය 12 මෙහෙයුමකින් පසු බේරාගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 19 January 2025
මාළු ටැංකියට වැටී බිළිදා මරුට නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි 19 January 2025
පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් දමිත් කණකරත්න මහතා පැවසීය. 19 January 2025
හිටපු ඇමැති විජිත් විජිතමුණි අත්අඩංගුවට නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක් තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත්මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. 19 January 2025
76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය. 19 January 2025
බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයකුට වෙඩි තබා පලායාමේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ එක් සැකකරුවකු අද(19) වන දා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. 19 January 2025
කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද(19 ) සිට වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 19 January 2025
අපුරේ ප්‍රධාන වැව් සියල්ල වාන් දමයි පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ අනෙකුත් මධ්‍යම හා සුළු පරිමාන වැව් තුන්දහසකට අසන්න වැව් ප්‍රමණයක් වාන් දමමින් පවතින බව වාරි ඉංජිනේරුවරු පවසති. 19 January 2025
සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හරියි අම්පාරට ලැබෙන අධික වර්ෂාව සමග ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහල යෑම නිසා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය. 19 January 2025
බෝවතැන්නේ වාන් දොරටු සියල්ල විවෘත කරයි පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය. 19 January 2025
වෙඩි තබා පැනගන්න බැරිවේ ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම මාර්ගයේ දී ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 January 2025
මොරගහකන්ද වාන් දමයි මධ්‍යම කඳුකරයේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් එහි වාන් දොරටුවක් විවෘත කළ බව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වී.එස්. බණ්ඩාර මහතා පැවසීය. 19 January 2025
මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කියයි. 19 January 2025
දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම් දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 19 January 2025
විදුලි බුබුළු වළල්ලක් කඩාවැටි විදුලි ඉංජිනේරුවරයා මරුට කොළඹ වරාය පොලිස් වසමේ දකුණු ආසියානු බහලුම් පර්යන්ත භූමියේ (එස් ඒ ජි ටි ආයතනයේ) විදුලි කණුවක ඇතිවූ නඩත්තු කටයුත්තක් සකස් කරමින් සිටි විදුලි ඉංජිනේරුවරයෙකුගේ ශරීරය මතට විදුලි බුබුළු වළල්ලක් කඩා වැටීමෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. 19 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025