මහ වැස්සෙන් බදුල්ලේ පුද්ගලයින් 239කට පීඩා
වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක සිදු වූ ගල්පර්වත පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම්, ජලගැලීම් ,අධික සුළං ආදි විවිධ ආපදා හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් පවුල් 67 ක සාමාජිකයන් 239ක් විපතට පත්ව නිවාස 17කට අලාභහානි සිදු වූ බව බදුල්ල දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන මහතා අද(20)වන දා පැවසීය.