
(ගයාන් සූරිය ආරච්චි)
යතුරු පැදියකින් ගංජා ප්‍රවාහනය කරමින්සිටි සමනල වැව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බළන්ගොඩ පොලිසිය පවසයි.
බළන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී සැක සහිත යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා කිලෝ එකක් සහ ග්‍රෑම් 765 ක් සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු ගංජා ජාවාරම් කිරීමේ යෙදුණේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු ගංජා ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. බළන්ගොඩ වැඩ බලන සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව එම කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd