
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ද අල්විස් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද(18) හමුවූ බව දෙහිවල පොලීසිය කියයි.
දෙහිවල පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි පිටුපස තිබිය දී මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසිය.
මෙරට පුද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු චීන හා මියන්මාර් ජාතිකයින් පිරිසක් මෙම නිවසට යාබදව පිහිටි මහල් එකොලහකින් යුත් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ රැදී සිටින අතර අදාළ පුද්ගලයා එහි ඉහළ මහලක සිට ඇඳවැටී ඇති බවට පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක පුවතක්.. මේ චීන ,හා වෙනත් ජාතිකයින් ලංකාවේ කම්කරු රස්සාවල නියුතු වන්නේ කිනම් නීතියක් යටතේද? චීන අයනම් චීනය කොන්ත්‍රාත් ගත්ත වයාපෘති වලට එන්වා කියල පිලිගත හැකියි.නමුත් බංග්ලාදේශ, මියන්මාර් ජාතිකයින් බොහොමයක් කොලඹ වැඩ කරනවා.ඒ කිනම් පදනම්ක් යටතේද? තව දෙයක් කියන්න ඕන ..මේ. සිද්ධ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ කම්මැලිකම හා හොරකම් නිසාවෙන්. පිට රටින් කම්කරුවන් ගෙනත් වැඩ කිරීම ආයෝජකයින්ට වාසි වෙලා තියනවා