
(නිමල් ජයරත්න)
එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් අම්පාර ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර අදට 26 වසරක් සපිරේ.
1999 සැප්තැම්බර් 18 දින අම්පාරේ සිංහල ගම්මානයක් වන ගෝනගල, 31 වන කොළණිට පැණ ගම්වාසින් 54 දෙනකු කපා කොටා සමුල ඝාතනය කළේය. ඝාතනයට ලක්වූ 54 දෙනා සිහිකිරිම සඳහා එම ස්මාරකයක් ඉදි කළ අතර එම ස්මාරකය අසලදි පහන් දල්වා සිහිකිරීමේ පිංකම පැවැත්විණි.
අනතුරුව ගෝනගල ශ්‍රී සුමංගලාරාමාධිපති රන්සෑගොඩ සිරිවිමල හිමියන්ගේ සහභාගිත්වයෙන් මියගිය අයට පිං අනුමෝදන් කිරිම සදහා ධර්ම දේශනයක් පැවැත්වීම කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවත් ජාත්‍යන්තරයට යන්න ඕනි. අපේ රට ගැන තියෙන වැරදි අවබෝධය නැති වෙන්න නම්.
තමන්ගේ නමින් මිය පරලෝ සැපත් නෑ හිතවතුන්ට පිංපැමිනවීම මහා පුණ්‍ය ක්‍රියාවක් . නමුත් 54 දෙනෙකුට පින් පැමිනවීමට සහභාගි වී ඇත්තේ දහදෙනෙක් විතරයි වගේ.
පිංකමට කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් දෙපලත් වැඩම කරලාද?
කාට කාටත් අමතක වී යන සහ නිල වශයෙන්ම අමතක කරවීමට දරන උත්සාහයන් මැද මේ පිරිස ගත් උත්සාහයට අපගේ ප්‍රණාමය! එම තිරශ්චීන ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනාට නිවන් සුව අත්වේවා!
උඹලට ඕවා අමතක කරවන්න ඩයස්‌පෝරාව අපිට සලකල තියෙන්නේ. ඒ නිසා ගෙදර ඉඳන් සමරල පොටෝ නොදා ඉඳපල්ලා.
යුද්ධයක් තිබුණා... තමුන්ගේ මිනිස්සු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළා කියලා ඒ ගම්වලත් මිනිස්සුන්ට මතක නෑ...