
(අංජුල මහික වීරරත්න)
නටබුන් වී ඇති රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය තුළින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වත්මන් රාජ්‍ය සේවයට ඇත්තේ නටබුන් වූ ඉතිහාසයක් පමණක් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය(2025-2029)හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(19) පැවැති උත්සවයේදීය.
පුරවැසියන් රාජ්‍ය සේවය ගැන තෘප්තිමත් නැති බව කී ජනාධිපතිවරයා රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිද බව පිළිබඳ ගැඹුරු අර්බුදයකට මුහුණ දී තිබෙන බව සඳහන් කළේය.
" අප ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය විය යුත්තේ ඩිජිටල්කරණයයි.ඩිජිටල්කරණයෙන් මිනිස් සබඳතා නැතිවේවි යැයි ඇතැමුන් කියනවා.මිනිස්සු ස්වභාවිකවම හැඟුම්බරයි.සමාජ සබඳතාවලින් පිරිලා. ඒ නිසා එහෙම දෙයක් වෙන්නේ නෑ. යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරය 305.75 මෙයාට රටම නටබුන් කරන්න තව වැඩි කාලයක් අවශ්‍ය වන ඒකක් නැහැ.
මෙයාගේ කටේ තියෙන්නෙම ගැලරි භාෂාවේ එන පාපිසි, සුන්බුන්, නටබුන් වගේ පහත් වචන. රජ පුටුවේ ඉන්දුවත් ආරේ ගුණ නෑරේ කියනවනෙ. පව්.
රාජ්‍ය සේවය නටබුන් කරන්න ජේවීපී වෘත්තීය සමිති සෑහෙන සේවයක් කරපු බව ජනාධිපතිතුමාට අමතකද. බොහෝ දේවල් සේවක මානසිකත්වය වගේම දේපොල විනාශ කිරීම්වලටත් ඔබලා මුල් වුණා. අනික මේ කියන්නේ ගුරු වෘත්තිය පවා නටබුන් කියලනේ. මෙයාලට උගන්වපු ගුරුවරුන්ට පවා මේ අපහාස කරන්නේ. එක පැත්තකින් මෙහෙම ගෝලයෝ හදපු ගුරුවරුන් මේ කතා අහන්න සුදුසුත් ඇති.
රජ්‍ය සේවය මඟින් තමයි මේ රට මෙතරම්වත් රැක ගත්තේ. ආවේ මහ බැංකුවේ හොරා කාපු සල්ලි, දේශපාලකයො හොරා කාපු සල්ලි ජනසතු කරන්නනේ.මේ වනතුරු ශත පහක්වත් ජනසතු කරන්න බැරි වුණා. ඒකට රාජ්‍ය සේවකයෝ පලි නෑ.
ඉහලට යන්න උදවු වුණු ඉනිමගට පයින් ගහන එකට උදාහරණයක්. රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද තොග පිටින් ගත්ත මාලිමාව දැන් ඉතින් රාජ්‍ය සේවකයන්ව දෙකේ කොලේ ගාණට කපලා.
කටේ තියෙන්නේම බාල, හිස් වචන... මේ කතා කරන්නේ රටේ ජනාධිපතිද? හන්දියේ ත්‍රිවිල් පාක් එකේ අයියා කෙනෙක්ද? ලැජ්ජයි බන්...