
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නමැත්තාට ගිනි අවි , උණ්ඩ ලබාදීම සහ අලුත් වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පස්දෙනකු යුත් සංවිධානාත්මක කල්ලිය ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් කෙහෙල් බද්දර පත්මේ කමාන්ඩෝ සලින්ත සහ පානදුර කුඩු නිලංග යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1 රඳවාගෙන ප්‍රශ්න කරයි.
එහිදී සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර යුද හමුදා සෙබළා කොමන්ඩෝ සලින්ත නැමැත්තාට ටි 56 උණඩ , 9 එම් එම් වර්ගයේ පිස්තෝල උණ්ඩ ඇතුළු යුද හමුදා උපකරණ මුදලට ලබාදීම සහ අපරාධ සඳහා යොදා ගන්නා ගිනි අවියක් අලුත්වැඩියා කරදීම තොරතුරු අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වත්මන් පොලිස් පතිට සහ පොලිසියට , හමුදාවට , සහ රජයට, ජනාධිපතිට බොහොම පින් මේ කරන වැටලීම් වලට. පොලිසියට මේ දීල තියෙන නිදහස වෙනුවෙන් විශේෂයෙන් රජයට ස්තුති කරන්න ඕනේ , බොහොම ඉක්මනින් , මේ රටේ පාතාලය නැති වී, රටේ මිනිස්සුන්ට සාමයෙන් ඉන්නත්, රටේ දරුවන් කිසිවෙක් මත් රකුසා ට ගොදුරු නොවෙන්නත් වටපිටාව බිහිවෙන්න ඕනේ .
කුඩු මාරයා නැතිකරන්න. වෙන මොනවා නැතත් කමක් නෑ.. අපි ඉවසන්නම් ජනාධිපතිතුමනි..
දවසේ වෙඩි පත්තුවෙනකොට කාළකණ්ණි සතුටක් ලබපු අය දැන් ඉතින් සතුටු වෙන්නේ රජයම හඳුන්වාදුන් වත්කම් ප්‍රසිද්ධ කරන නීතිය අනුව මාලිමාවේ අයගේ වත්කම් බලලා. හැබැයි විපක්ෂ නායකතුමා මේ වෙනකන් වත්කම් ප්‍රකාශ දීලා නැහැ.