
(දයාරත්න ඇඹෝගම)
මහවිලච්චිය,මැදදන්ගස්වැව ප්‍රදේශයේ වගා ඉඩමක විදුලිසැර වැදි වන අලියෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ඉඩමේ අයිතිකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව වනජීවි දෙපාර්තමේන්තුවේ තන්තිරිමලේ අ ඩවි වන කාර්යාලය පවසයි.
මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදදන්ගස්වැව හා ඉහළ ගෝණෑව ප්‍රදේශයේ පදිංචි වයස 42 ත් 58ත් අතර වියේ පසුවන ගොවියන් තිදෙනෙකි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සදමල්එළිය ග්‍රාම නිලධාරි වසමේ මැදදන්ගස්වැව ප්‍රාදේශයේ වගා ඉ ඩමක වන අලියෙකු මිය ගොස් සිටින බවට ලද තොරතුරක් මත වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිය ගොස් සිටි මෙම වනඅලියා සොයා ගෙන තිබුණි.
එම වන අලියා මීට දින කිහිපයකට පෙර මිය ගොස් සිටි බවත් සිරුර නරක්වි ඇතිබවත් වනජීවි නිලධාරින් විසින් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණයවි තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ගොවියාට අයත් නිවසේ සිට ඔහුගේ වගා ඉ ඩමේ වැටට විදුලිය ඇද තිබු බවත් වන අලියා එම වැටේ ගැටිමෙන් විදුලි සැර වැදි මරණයට පත්ව ඇති බවත් සිදුකළ පරික්ෂණයේදි අනාවරණය වු බව වනජීවි නිලධාරිහු පැවසුහ.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න .
අලියාව මැරුවේ පළපුරුදු ෆෙරාරි සීයනේ...විදුලිසැර වැදුණේ එකපාරටම ද දන්නේ නෑ. ඒ වුණත් මළේ නම් වසර ගණනාවක් තිස්සේ පණ ඇදලා ටිකෙන් ටික. අලියාව මරපු එකා ඔය තාමත් යහතින් ඉන්නේ.
එතකොට වල් අලි පහරින් ඔය පලාත්වල මිනිස්සු මැරුණම කාවද අත් අඩංගුවට ගන්නේ?