
(අංජුල මහික වීරරත්න)
වන්දනා මාන කරන්නට දේශපාලකයන් රටට අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් ඇරැඹීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
" පාර්ලිමේන්තුවේ නීතියත් සම්මත කළාම ඊට සමච්චල් කරන නායකයන් ඉන්නවා.ගතානුගතික, හිස් පුම්බා අතහරින ලද චරිත වෙනුවෙන් අපේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ.අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්.වන්දනා කරන්න දේශපාලකයන් අපට අවශ්‍ය නෑ.දේශපාලකයන්ට වැඳගෙන ඉන්න පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යන්න බෑ.ලෝකයේ දියුණුම ජාතිය ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප බාර ගෙන තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියෙන ලොකුම ප්‍රශ්නය ඉරිසියාව දරාගන්න බැරි එක.
මහින්දට මිනිස්සු වඳින වැඳිල්ලට අපේ එකාගේ පපුව පැලිලා මැරෙයිද දන්නෑ. සේරිවාණිජ ජාතකේ කච්චපුටයාව මතක් වෙනවා...
ඇත්ත, මැරිච්ච සුද්දෝ ටිකක ෆොටෝ එල්ලගෙන අවුරුදු පතා කැබ් වලින් ගිහින් නටපු මොට්ට වැඩ කියලා තේරිලා වගේ...
මේ විදිහට කතා කරන්නේ ජනාධිපතිගෙන් ඉගෙන ගන්නේ... විහිළු නෑ.
හොඳ අදහසක් ජනාධිපතිතුමා, අපි නං හිතුවේ ඔබතුමන්ලා මේ රටේ "ගැලවුම්කරුවන්" කියලා, මොකද මේ රටේ මිනිස්සු දේශපාලනය දේවත්වයේලා සලකපු ජාතියක්...!!! ඔබලා දැන් රටට පෙන්වමින් ඉන්න දේශපාලන නිරුවත නිසා, ඔබලා රට වැසියාගේ ගරු බුහුමනට ලක්නොවන බව ඔබලාගේ හෘද සාක්ෂියම සාක්ෂි දරනවා නේද? ඒ නිසා මේ ආකාරයේ කියමන් ප්‍රායෝගිකයි..! ස්තූතියි...
ඒ දේශපාලකයින්ගේ මලපහ හෝදන අපි වාගේ ඩෝබිලාවත් අවශ්‍ය නැද්ද?
ජනතාවගේ චන්දෙන් බලයට ආපු ,රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට වන්දනාමාන කරන හැටි දැක්කම නොහිතෙන දෙයක් නැහැ.
ඔබතුමා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් ජනතාවට මේ වන විට පෙන්වා දී ඇත්තේ රට කරන දේශපාලකයන් සිටිය යුත්තේ අමු කෙප්ප ප්‍රචාරය කිරීමට බවය. බේගල් ඇද බෑමට බවය. සැමට නීතිය යන බැනරයට මුවා වී දේශපාලන පලිගැනීම් කිරීමට බවයි. තමන්ගේ අය වැරැදි කරන විට ඇස් කන් පියා ගෙන සිටීමට බවයි. හිස් එක්සලන්සි ඒකේඩී, ඔබ තනිකරම මඩ වළක්, බොරු වළක් බව පෙන්වුවාට ස්තුතියි.
එතකොට රාජපක්ෂලාට වික්‍රමසිංහලා හා ප්‍රේමදාසට වගේ තමුන්නාන්සේලාට කඩේ යන්න වැසිකිළි කැසිකිළි හෝදන්න රෙදි අපුල්ලන්න කට්ටියටත් ඕනෑම නැද්ද?
අපිට ආඩම්බර ශිෂ්ටාචාරයක් තියෙනවා, අපි වැඩිහිටියන්ට සුදුසු යැයි පෙනෙන ඕනෑම ආකාරයකින් ගරු කරනවා. ගැටලුව වන්නේ මහින්ද තරුණයන් මැරීම නවත්වන යුද්ධය නැවැත්වූ බවයි. JVP රට ආරක්ෂා කිරීමට උත්සාහ නොකළත්, ඔවුන්ට අවශ්‍ය වූයේ දකුණ අල්ලා ගැනීමටයි. අපි ඒ කාලේ ළමයි. JVP ඒ කාලේ හමුදා සොල්දාදුවන් මැරුවා. අපි අද ඊයේ ඉපදුනේ නැහැ. ගෞරවයට සුදුසු මිනිස්සු ඉන්නවා. ඔබේ පාලනයේ එවැනි කෙනෙක් දකින්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම්, මිනිස්සු ගරු කරනවා. දැන්, ඔබට මහින්ද වගේ කෙනෙක් වෙන්න ස්වර්ණමය අවස්ථාවක් තියෙනවා. රට සංවර්ධනය කරන්න.
රට එක්සේසත් කල අවසාන සිංහල රජුට මිනිස්සු වන්දනාමාන කරනවා. ඒ වගේම පච පඟරනැට්ටට කෙල ගහනවා. ඒකයි ඇත්ත. වපුරපු හැටියටයි අස්වැන්න
දහසකුත් බොරු පොරොන්දු දීලා ,රටටම ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා, පවුලේ හහර වරිගෙම ඉන්න අය කිට්ටූ කරගෙන, රටම හොරා කාලා විනාශ කරපු ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු ගුණමකු, රැව්ටිලි කාරයන්ට වන්දනාමාන කරන්නේ අහවල් දේකටද?
ලොක්කා, වපුරන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ. පච කියලා හැමදාමත් රජ කරන්න නම් හිතන්න එපා, මිනිස්සු ගලපනවා... එදා කියපු පච සහ අද කරන දේ අතර වෙනස...
ලංකාවේ බහුතරයකට වැඳවැටෙන සංස්කෘතියෙන් ගැලවෙන්න අමාරුයි. පෙරේටෝගේ 80/20 අනුමාන තියරිය අනුව බැලුවොත් 80%කට ආසන්න ගාණකට තියෙන්නේ වහල් මානසිකත්වයක්. දර්ශනය අවබෝධයට උත්සාහ නොකර සම්ප්‍රදාය අදහන නගරේ හිටියත් "ගං කබරයෝ."