
(අංජුල මහික වීරරත්න)
මහා සංඝරත්නයේ ඇසුර නිරන්තරයෙන් ලැබීම තමාගේ භාග්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමිනි.
රාජපක්ෂ මහතා මෙසේද කියයි.
රුහුණ යනු අප රටේ ආගමික, දේශපාලනික සහ සමාජීය ක්ෂේත්‍රයට බලපෑමක් කළ ප්‍රදේශයකි. අතීතයේ රුහුණ යනු බලය වර්ධන කර ගැනීමේ හා සටන් සංවිධාන කිරීමේ කේන්ද්‍රස්ථානයකි. අනුරාධපුර රාජධානිය සතුරු ආක්‍රමණිකයන් යටතේ පැවති කාලයේ ස්වදේශික නායකයින් ආරක්ෂාව ලැබුවේ මේ රුහුණු පුරවරයේය. ක්‍රමිකව විමසා බලන කළ රුහුණ අතීතයේ සිටම භික්ෂූන් වහන්සේගේත්, විහාරාම වලත් තෝතැන්නකි. ශ්‍රී ලාංකීය සමාජ සැකැස්මේ හරය වන්නේ ද මෙම විහාරස්ථාන සහ මහ සංඝරත්නයයි. එවන් මහ සංඝරත්නයේ ඇසුරත් ආශිර්වාදයත් නිරන්තරයෙන් ලැබීමට හැකි වීම මා ලද භාග්‍යයකි.
කාල්ටන් නිවසට වැඩමවමින් සුව දුක් විමසා මා හට ආශිර්වාද කළ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා වන, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙන තිස්සමහාරාම රජ මහා විහාර නායක හාමුදුරුවන් වහන්සේ, අනුරාධපුර මුල් යුගය දක්වා දිවෙන ඓතිහාසික රුහුණු මාගම් පත්තුවේ වගේගොඩ පුරාණ රන්කොත්මළු රජමහා විහාරයෙහි නායක ස්වාමීන් වහන්සේ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ මෙන්ම ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, සූසැට විහාරයන්ගෙන් එකක් බවට ජනප්‍රවාදයේ පවතින ඓතිහාසික කදුරුපොකුණ පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, දුටුගැමුණු කුමාරයා විසින් යුද පුහුණු කළ කඳවුරක් වශයෙන් භාවිතා කළ ඓතිහාසික කසාගල රජමහා විහාරයෙහි විහාරාධිපති හිමියන් වහන්සේ, මා නිරන්තයෙන් ඇසුරු කරන ගමේ පන්සල වන පාලටුව විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ගෞරවණීය ස්තුතිය පිරිනමමි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද විනාශ කලේ මේ අය තමයි. කරන හැම වැරද්දකටම නිහඩව සිටීමේ පතිඵල අද මහින්ද තනියම භුකිත් විදිනවා. ඇත්තටම මහින්ද හරිම හොද නායකයෙක්. නමුත් ඇතැම් අවස්ථා වලදී වෛරයෙන් කටයුතු කලා.මහින්ද විනාශ වුනේ දරැවන් වගේම පක්ෂයේ ඇතැම් දේශපාලකයින් සහ ඒ කාලෙ අද වගේම රාජ්‍ය සේවයේ ඉහළ පෙලේ නිලධාරීන් නිසා. අනික මේ ඉන්න හාමුදුරැවරැ. හැබැයි මේක අනුරටත් හොද පාඩමක්. මොනව වුනත් නැවත මහන්දට ගොඩ ඒමක් නැහැ.මේ ආණ්ඩුව දැනට යන වැඩ පිළිවෙලට ජනතාව ගෙන් බහුතරයක් කැමයිති. මොනව වුතත් ැම අයෙක් ගැනම නොවෙයි බිමල් හරිනි හර්ෂන නලින්ද වසන්ත වගේ කිහිප දෙනෙක් කැපිල පේනවා.
ජුලම්පිටියේ හැඟීම්වලින් බැඳුනු කල්‍යාණ මිත්‍ර සේවනයත් ඒ වගේම වැදගත් උනා.
මෙම ප්‍රකාශය මගින් මොහු කර තිබෙන්නේ මහා සංගරත්නයට හා ඒ තුලින් ලැබුනා යයි පවසන ආශීර්වාදයටත් නිගාවක් නේ. ඔය ඇසුර ලබපු පුද්ගලයෙක් කවදාවත්ම හොර කමට උපන් හපන් කම් ඇති දරැවන්, ඥාතීන්ට , හිතවතුන්ට රජයේ ඉහල තනතුරු දීල මහජන මුදල් ගසාකන්ට ඉඩ හරිනවද?
පිස්සු මහින්ද
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.නාමල් රාජපක්ෂ පුතුනුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබ රට සෞභාග්‍යය කරා ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි!
ඔය ඉන්නේ චීවරධාරියෝ මිසක් හමුදාවල් නෙමෙයි
දැන් මේක දැකල මාලිමා ඩෝබිල භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලයි. හාමුදුරුවන්ටත් බනියි.
ආයෙමත් වැඩේ පටන් අරන් :D තම දේශපාලන අරමුණු වෙනුවෙන් ආගම අවභාවිත කිරීම
ජීවිතයේ අවසාන කාලය. පව් ඉතින් මොනවා කරන්නද? මෙහෙම හරි හිතට සැනසීමක් ලැබෙන එක ලොකු දෙයක්. තමන් කරපු පව්, පින් වගේම අනුන් ලවා කරවාගත්ත පින් පව් වලත් පින් පව් කරන්න උපදෙස් දීපූ එකටත් ප්‍රතිලාභ මේ ආත්මයේදීම ලැබේවා. සාදු සාදු සාදු
රජ දවසේ, අපේ ශ්‍රේෂ්ට රජවරු, හොරකම් කලාද. ඒ කාලේ දූෂිතයන්, මංකොල්ලකාරයෝ, රජවරු වගේ හිටියද, අපේ හාමුදුරුවනේ.
හිටපු ජනාධිපතිතුමා සැමට එක හා සමානව සැලකූ අතර සෑම ආගමකටම බොහෝ සේවාවන් ඉටු කළේය. ඔහු මුස්ලිම් ප්‍රජාවට සහ ආගමට බොහෝ සේවාවන් ඉටු කර ඇත. බුද්ධාසනය ප්‍රවර්ධනය නොකරන ඕනෑම රජයක් දේශප්‍රේමී සිංහල බද්දෙන් ඉවත් කරන අතර බුද්ධාගම සහ මෙම මාතෘ භූමිය ආරක්ෂා කිරීම ඔවුන්ගේ පරම යුතුකමයි. අනෙක් සියලුම කරුණු ද්විතීයිකයි. මම සැමවිටම බුද්ධාගම සහ මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිමි. මෙම භූමිය ආරක්ෂා කිරීම මහා සංඝරත්නයේ අනිවාර්ය යුතුකමක් ඇත.
පහේ ශිෂ්‍යත්වයට ප්‍රශ්නයක්: කුඩු බිස්නස් කාරයෙක්ගේ කරට අත දමා ඒකා සොල්දාදුවන්ගෙන් බේරගත් රජතුමා නම් කරන්න.
ඔය වගේ බොරු රජවරු පොල්පිති වලින් කපන්න පුළුවන්.
අපේ රටේ ඕන තරං මෝඩ සහ හොර රජාල ඉදල තියෙනව.
ආඩියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් පවුලේ ඉන්න අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම බන්කොලොත් වෙනකම් නිකම් උන්නා. මහින්ද කියන්නේ බලතණ්හාවෙන් ඉහවහා ගිය කෙනෙක්. රැවටිලි කාරයෙක්.. ආර්ථික ඝාතකයෙක්. යුක්තිය නීතිය සාදරනය විනාශ කරලා අදිකරණය පවා දේසපාලණීකරණය කෙරුවා. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .
නමක් ගමක් නැති අය මගේ නමින් ලියන ඒව නොසලකා හරින්න. රාජපක්ෂල බිහිකරපු අසික්කිත සමාජය නොතිබිනි නම් රට බොහෝ ඉදිරියට ගොස්.
ඔය ඇවිල්ලා ඉන්න සංගා බමුණෝ කට්ටිය තමයි මේ චවුරයාව හොරකමට, වල් කමට, මිනී මරන්න, අන්ත දූෂණයට යොමු කලේ. උතුම්වූ බුදුන් වහන්සේගේ චීවරය දරන, සිල්වත් හාමුදුරුවරු මේ හාදයා පස්සේ යන්නේ නැහැ !!! ඔය මොනවා කළත්.. මයිනා කරපු අපරාධ වලට මැරෙන්න කලින් කුඩුවට යනවා. බහුතර ජනතාවගේ අභිලාශය එයයි.
ප්‍රශ්නේ තියෙන්නේ බනක් නොදන්නා කමයි.
සමන් විමල්, නුඹේ නම ඇත්තටම සමන්ද? විමල්ද? නැත්නම් ඔය දෙකමද? ඔය දෙකමනම්, නුඹට වසගමුත් දෙකක් ඇතිනේ. ඒ කියන්නේ උප්පැන්නේ පියවරුනුත් දෙකක් ඇති? ඒක තමයි මේ අවුල...
ඔය වටේ ඉන්න හාමුදුරුවන්ට කියලා. නුවර මාලිගාවේ තියෙන කරඩුව. ගෙදරට ගෙනත් තියාගන්න. අපි පෙරුම්පුරන්න ඕන කරඩුවට අත තියන්න. ලෝක හොරුන්ට පන්සලට එනවා කියලා දැනගත්තාම බුලත් හපේලා. කරඩුව අරගෙන එලියට එන්නේ. මොකද දුප්පත් ජනතාවගේ මුදල්. මල්ල පුරවලා පූජාකරන නිසා ඔය සේරම දාලායන්නේ නරකාදියට නැවත මනුස්ස ආත්මයක් ලැබුනොත් පුදුමයි...
පෙර රජ දවස එකට හොරා කෑ ගනගෙඩි හවුල