
(අංජුල මහික වීරරත්න)
කොහුවල ගුවන් පාලමේ ඉතිරි වැඩ නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හංගේරියානු රජය සමග ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති මූල්‍ය සහයෝගිතාව සඳහා වන රාමුගත ගිවිසුම යටතේ ලැඛෙන අරමුදල් මඟින් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
එවකට පැවති ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, හංගේරියාවේ එක්සිම් බැංකුව විසින් අරමුදල් සැපයීම අත්හිටු වීමෙන් අනතුරුව, කොන්ත්‍රාත්කරුගේ අරමුදල් යටතේ කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් කර රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබේ.
එසේ වුවද, බිම් මට්ටමේ මාර්ග නිම කර නොමැති බැවින් පදිකයන්ට දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුව ඇත. එසේම, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ද අත්හිට වූ තත්ත්වයෙන්ම තවදුරටත් පවතී.
ඒ අනුව, වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් යොදා ගනිමින්, කොහුවල ගුවන් පාලමේ නිම කර නොමැති බිම මට්ටමේ මාර්ග සම්පුර්ණ කිරීමටත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමටත් ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Highway ඉදිකිරීම ප්‍රමාද වීමෙන් ඇති වු පාඩුව පඬුකරඳ දේවානී නොනාගෙන් අය කරගත යුතුය.
මහින්ද මහතා 2005 මැද බලයට ඇවිල්ලා අවු 3 1/2 කින් දැවැන්ත යුද්දයක් හමාර කරලා ඊට පස්සේ ලෝකේ වටෙන්ම ආයෝජකයන් ගෙන්වාගෙන, බලාගාර, වරාය, ගුවන්තොටුපළ, රෝහල්, ක්‍රීඩාපිටි, මෙකි නොකී අති දැවැන්ත සංවර්ධනයන් ඇතිකොට දළ ජාතික ආදායම ඉතිහාසගත උපරිමයකට ගේන්න ගියේ ටික කාලයයි. අද මේ පචයෝ එක පාරක් හදාගන්න බැරුව තාමත් නැකත් බලනවා. ජනතාවට පොල් ගෙඩියක් මිලදී ගන්න බැරි තැනකට ඇද දාලා අඩුවක් නැතිව කන්ටේනර් ගණන් මත්ද්‍රව්‍ය ගේන්න නම් සැලසුම්න් හොඳටම තියෙනවා.
එතකොට රට බංකලොත් කලේ කවුද අරුණි, අධිකරණ තීන්දුවක් තියෙනවා රටට වුණු දේට රාජපක්ෂලා වගකිව යුතුයි කියලා...
අරුණි කට රිදෙන්නේ නැද්ද? මොකද දැන් ගොඩක් කල්නේ...