ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පිරිසක් විදුහල්පතිනිය ඔවුන් ගේට්ටුවෙන් ඇතුළට නොගැනීම නිසා විභාග මධ්‍යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය. 16 January 2025
බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි. 16 January 2025
විදුලි බිල අද පහතට විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලිය ගාස්තු පහත දැමීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 16 January 2025
පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 16 January 2025
ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක් ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ. 16 January 2025
මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 16 January 2025
බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැකකරුවෝ දෙකක් පනිති උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 16 January 2025
චීන-ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ. 16 January 2025
ජනපති චීන අගමැතිනි හමු වෙයි ශ්‍රී ලාංකේය ජනතාවට ’’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’’ ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය. 16 January 2025
ලංකාවට අලුත් සීනි දෙන්න වැඩ අරඹයි හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය. 16 January 2025
බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය පැවසීය. 16 January 2025
සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින් බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි. 16 January 2025
දුම්රිය සේවක සුභසාධක සංගමය දුන් චෙක්පත් මුදල් කරන්න බෑලු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කරගැනීමට නොහැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය සේවකයෝ පවසති. 16 January 2025
ලංකාවේ ස්වාධීනත්වයට චීනය කැපවෙනවා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය. 16 January 2025
කළුබෝවිල වෙඩි තැබීමක් කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි . 16 January 2025
ඉන්දියාවට පලා ගිය පොඩි ලැසී අත්අඩංගුවට ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 16 January 2025
යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුවන් 04 ක් අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 16 January 2025
සෞඛ්‍යයට බොරු චෝදනා කළැයි ’’ඖෂධ ලොක්කා’’ පොලිසි යයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 16 January 2025
’’සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරගන්න එපා’’ සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 16 January 2025
රේගුවේ තවත් බහලුම 1000 ක් හිරවෙලා බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද දැකගත හැකිවිය. 16 January 2025
’’ලංකාවේ ආයෝජනයට එන්න’’ ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආරාධනා කළේය. 16 January 2025
සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් සොරා ගැනීමට පුරුදුව සිටි උපාධිධාරි ගුරුවරයෙකු , සොරාගත් විදේශීය මුදල් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 16 January 2025
චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 16 January 2025
අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. 16 January 2025
ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194 ක ප්‍රමාද පොලියක් 2023 වසරේදී පමණක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළාලුත්ම වාර්තාවක සඳහන් වේ. 16 January 2025
කෝටි තුනක කුඩු සමඟ කතක් ඇතුළු තිදෙනකු අල්ලයි කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 16 January 2025
අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක් චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ ’’Invest in Sri Lanka- Round table meeting 2025’’ ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක් විය. 16 January 2025
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිතැබිමකින් දෙකක් මරුට මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පොලිසිය පවසයි. 16 January 2025
විදුලි බිලට වෙන දේ හෙට කියයි විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාවහෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. 16 January 2025
පොලිසියට ’’සින්ගල් කැබ්’’ දෙන්න ඉන්දීය ගිවිසුමක් ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා ’’සින්ගල් කැබ්’’ රථ ලබාදීමේ ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඊයේ (15) අත්සන් තැබූ බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 16 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025