මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් කෝටි 3800ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 July 2025
ගිනි අවියක් සමග දෙදෙනෙක් මාට්ටු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන් රාජ් නැමැත්තාගේ ඥාතී සහෝදරයකු සහ ව්‍යාපාරිකයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් සමග අද දහවල් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2025
අනුරාධපුර පණ්ඩුල සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට අනුරාධපුර පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ Vision වැඩසටහනට අද සහභාගී වූහ. 21 July 2025
ජ.වි.පෙ සහෝදරයෝ ආදරය ගෙන උතුරට යති සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය යාල් දේවි දුම්රියෙන් බදාදා(23)යාපනයට යෑමට නියමිතය. 21 July 2025
පාර්ලිමේන්තු ක්‍රමය ගැන ’’පැෆරල්’’ දැනුවත් කරයි නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්රියාකාරීත්වයේ (PAFFREL) කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 21 July 2025
නිළි රැජිනට ශෝක විවාදයක් සිකුරාදා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වේ 21 July 2025
මූල්‍ය අරමුදල ජනපති හමු වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි. 21 July 2025
‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘ එදාවේල සරි කර ගැනීමට නොහැකි වුවද තම ජීවිත ගැන සිතා පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන්නැ’යි සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 21 July 2025
ප්‍රහාරක යානයක් පාසලකට වැටිලා බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, එරට ඩකා අගනුවර, උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩා වැටුණි. කඩා වැටුණු ගුවන් යානය පුපුරා ගියේය. 21 July 2025
ආචාර්ය නදීශා අගමැතිනිය හමු වෙයි බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ ’’බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්’’ පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය. 21 July 2025
ආනමඩුවේ ධම්මදස්සී අනු නා හිමි බුදු දහම වෙනුවෙන් ජීවිතයම කැප කළා අපවත් වී වදාළ ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නාහිමියන් බුදු සසුනේ චිරස්ථතිය උදෙසා ජීවිතයම කැප කළ නිහතමානී සංඝ පීතෘන් වහන්සේ නමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 21 July 2025
සෘජු විදෙස් ආයෝජනත් ඉහළට මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 507 ක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 101 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 21 July 2025
රාජ්‍ය ආදායමේ වර්ධනයක් රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 21 July 2025
එයාර් ඉන්දියා යානයක් අදත් අනතුරක ඉන්දියාවේ මුම්බායි නුවර, වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බෑමට සූදානම් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් අනතුරට ලක්විය. 21 July 2025
හැටන් අධි බලැති විදුලි රැහැනට ගසක් කඩා වැටේ හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය. 21 July 2025
මහින්දානන්දට - නලින්ට තවත් නඩුවකට අධි චෝදනා 2015 ජනපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාට වාසි සලසන අයුරින් සතොස ආයතනය හරහා ආනයනයක කළ කැරම්බෝඩ් සහ දාම් බෝඩ් ක්‍රිඩා සංගම්වලට බෙදා හැර ඇති බව චෝදනා කරමින් හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ ක්‍රිඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට විරුද්ධව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අද බාර දුන්නේය. 21 July 2025
පනහඩුව වැවේ ජීවිත දෙකක් සැඟ වේ උඩවලව පනහඩුව වැවේ ටියුබයක ආධාරයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට ගිය දෙදෙනකු දිගි ගලීමෙන් ඒක් අයකු අතරුදන්ව අනෙත් පුද්ගලයාගේ මියගොස් ඇතැයි උඩවලව පොලිසිය කියයි. 21 July 2025
සම්බාහනය මුවාවෙන් ගණිකා මඩමක් පවත්වලා සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනකු සමග එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 21 July 2025
පෙම්වතා බේරා ගන්න වියානා ඇළට පැන්න සරසවි සිසුවිය අතුරුදන් මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළට වැටී සරසවි සිසුවිකය අතුරුදහන්ව ඇතැයි මහියංගණ පොලිසිය පවසයි. 21 July 2025
කෑගල්ලේ දී බස් බස් ගැටී 28ක් රෝහලට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් මගීන් 28 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පැවසීය. 21 July 2025
ආණමඩුවේ ධම්මදස්සී අනු නා හිමියෝ අපවත් වෙති ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය නිවේදනය කර සිටි. 21 July 2025
රට වැටෙද්දී දොස්තරලා 1489 රටින් පැනලා මෙරට ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව වෛද්‍යවරුන් 1489 දෙනකු රටහැර ගොස් ඇති බවත් ඉන් රජයට සහ බදු ගෙවන්නන්ට සිදු පාඩුව රුපියල් කෝටි 1250 ක් බවත් නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත. 21 July 2025
පැන්ෂන් පඩි ඉල්ලා හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සැරසෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත. 21 July 2025
යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක් යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සඳහා වඩුක්කෝට්ටේ පොලිසිය අද අහසට වෙඩි තබා ඇත. 20 July 2025
නූලෙන් බේරුණු දඩයම මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයාව ඔහුට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවිය සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි 20 July 2025
බැංකු යන්ත්‍රයෙන් කෝටි පහක සල්ලි ඇදලා ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පතක් භාවිත කරමින් මාතලේ නගරයේ රජයේ බැංකු ශාඛාවක එ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් (48084000) වංචනික ලෙස ගත් බව කියන දෙදෙනකු සහ ඊට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පැවසීය. 20 July 2025
පියාගේ දස වධ නොඉවසා දැරියක් කැලේ පැනලා මව විදේශගතව සිටියදී පියාගෙන් වන වධහිසා ඉවසාගත නොහැකිව කැලෑවැදී සිටි 14 වියැති පාසල් දියණියක පොලිස් නිල සුනඛයින්ගේ ද සහාය ඇතිව දැඩි වෙහෙසක් දරා සොයා ගත්බව හතරලියද්ද පොලීසිය පැවසීය. 20 July 2025
අදානිට වන්දි ගෙවන්න වෙයි? මන්නාරම් මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති වෙනුවෙන් වැයකළ රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමට ලබාදීමට රජයට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය. 20 July 2025
සක්‍රීය ජනගහනයට වඩා අක්‍රිය ජනගහනය තවමත් වැඩි මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහණය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ ’’2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ’’ දැක්වේ. 20 July 2025
‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ. 20 July 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026