ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි 15 January 2025
වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක් වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්කළේ යැයි කියන පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාඩුව අයකරගන්නා ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා, ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට අද (15) පැමිණිල්ලක් බාරදුන්නේය. 15 January 2025
අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇත. 15 January 2025
අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’කා.කා.ස’’ අයිස් සමඟ මාට්ටු බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්යය සහයක වශයෙන් රාජකාරී කළ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 10ක් සහ මිලිග්‍රෑම් 800ක් සමඟ ඊයේ (14) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 15 January 2025
මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. 15 January 2025
ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 15 January 2025
බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. 15 January 2025
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 15 January 2025
මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක් මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සුරාබදු ප්‍රමාණයන් නියම කරමින් මුදල් ,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 15 January 2025
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති නිල නිවසේ ඇති වුණු උණුසුම්කාරී තත්ත්වයකින් පසුවය. 15 January 2025
සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙදී , තවත් සැකරුවන් සිව් දෙනෙකු සමග අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි. 15 January 2025
තැනින් තැන අදත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 January 2025
දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . 15 January 2025
පළාත් සභා වාහන 2000ක් අතුරුදහන් පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 14 January 2025
අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පවසයි. 14 January 2025
ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය. 14 January 2025
වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 14 January 2025
දිස්ත්‍රික්ක 5කට නාය අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ. 14 January 2025
ජනපති- ෂී ජින් පිං හමුව හෙට චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය. 14 January 2025
නව සංචාරක කලාප 13ක් සංචාරක කලාප 13 ක් අලුතින් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව එහි ප්‍රකාශකයෙක් පැවසිය. 14 January 2025
චීනාට මැණික් පන්නන්න බැරිවේ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියකු සහ දියණියක කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීහු පවසති. 14 January 2025
වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක් දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බව එම වරායේ සේවකයෝ චෝදනා කරති. 14 January 2025
තෛපොංගල් උත්සවයෙන් ’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. 14 January 2025
විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇතැයි සමස්ත ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 January 2025
වෙහෙරගල -ලුණුගම්වෙහර වාන් දොරටු විවෘත කරයි අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශභාර වාරි ඉංජිනේරු ඩිලාන් වර්ණකුලසූරිය මහතා පවසයි. 14 January 2025
‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’ සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 14 January 2025
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සතුව කෝටි ගණනක සැක වාහන 5ක් පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ දී රුපියල් කෝටි ගණනාවක් වටිනා සැකකටයුතු සුඛෝභෝගී වාහන පහක් පොලිස් භාරයට ගත් බව රාගම පොලිසිය කියයි. 14 January 2025
දිනකට පාස්පෝට් 2,500 ක් ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 14 January 2025
මවගේ හිසට ගිනි අවි තබා දියණිය පැහැරගත් පෙම්වතා අත්අඩංගුවට දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි. 14 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025