ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) උදේ 8.30 සිට සවස 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 27 March 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 27 March 2025
අදත් සවස් කාලයේදී තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 March 2025
මේ වසරේ වාහන ආනයනයට ඩොලර් බිලියනයක් මෙම වසර සඳහා වාහන ආනයනය වෙනුවෙන් මහ බැංකුවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 27 March 2025
කැබිනට් ඇමැතිවරු වැටුප ඉන්ධන දීමනාව අත්හරිති කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 27 March 2025
මුහුදුබඩ දුම්රිය මාර්ගයට ගුවන් පාලමක් කඩා වැටේ එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිර වූ බව පොලිසිය පවසයි. 26 March 2025
මන්ත්‍රීන් 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(26) බාර දෙනු ලැබීය. 26 March 2025
ලීලාරත්න විදුහල් සිසුන්ගේ රටට ආදර්ශයක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරුන්ට, මෙන්ම වසර 11 ක් අධ්‍යාපන ලැබූ තම විද්‍යාලයට කෘතගුණ සැලකීමක් ලෙස 26 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසු විද්‍යාලීය ඉදිරිපිටට පැමිණ ගුරුවරුන්ට මල්කළඹ දී වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ මල්කළඹ එල්ලා පාසල් ගීතයද ගායනා කර පාසලට වැඳ නමස්කාර කිරීමට කටයුතු කළහ. 26 March 2025
සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 March 2025
මෙරට දරුවන් ගැන නවතම සොයාගැනීමක් මේ රට නවයොවුන් වියේ පසුවන පාසල් දරුවන්ගෙන් සියයට 15.4 ක ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීමට කල්පනා කර ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිවන බව සෙඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 26 March 2025
හරක් කටා මාතර අධිකරණයට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’’හරක් කටා” දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට අද රැගෙන ආවේය. 26 March 2025
රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි. 26 March 2025
රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි අයවැය යෝජනා 2025 අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ. 26 March 2025
නියාමනය නොවූ සමාගම් ගැන අනතුරු අඟවයි වගාව සම්බන්ධයෙන් ආයෝජන ඉල්ලා සිටින ආයතන සමාගම් ලෙස ලියාපදිංචි වී තිබුණත් ඒවා කිසිම නියාමනයකට ලක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අද ප්‍රකාශ කළේය. 26 March 2025
කෑම විකුණන අයට රජයෙන් එන්තක් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්රිත රැකියාවන් හි නිරත පුද්ගලයන් 50,000 ක් සඳහා සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මේ දිනවල ක්‍රියාත්මක කර ඇත. 26 March 2025
පොලිසිය පොලිසියේ දෙදනා රඳවාගෙන ප්‍රශ්න කරයි කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක් අසලදී පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 16 මුදලක් කොල්ලකන ලදැයි කියන වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනා පැය 48ක් පොලිස්සියේ රදවා ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය. 26 March 2025
මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක අල්ලස් දැලේ රජයේ රැකියා ලබාදෙනබව පවසා රුපියල් 350.000/= ක මුදලක් අල්ලස් ලබා ගත් බව කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ( එක්සත් ජාතික පක්ෂයේ) හරීන්ද චානක අයිලපෙරුම අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 26 March 2025
කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ. 26 March 2025
‘‘බ්‍රිතාන්‍යයේ තීරණය ඒකපාර්ශවීයයි‘‘ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 26 March 2025
ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය. 26 March 2025
යුද්ධයේ වගකීම මහින්ද බාර ගනියි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පනවා ඇතත් ඔවුන්ට එරෙහි චෝදනා කිසිම ස්ථානයක ඔප්පු කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 March 2025
’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 March 2025
දේශබන්දු නෙරපන දිනය කියයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය. 26 March 2025
බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 March 2025
ගුවන් යානා නාශක උණ්ඩ සමග හමුදා සෙබළා මාට්ටු ගුවන් යානා නාශක උණ්ඩ සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්. අත්අඩංගුවට ගෙන ඇත. 26 March 2025
කොළඹ සමාජ ශාලා සිද්ධියට තවත් හතරක් අල්ලයි කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඉකුත් (21) දා ඇතිවූ ආරවුලකදී එහි සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 March 2025
කුවෙිට් සිරගත වූ මෙරට 20 ක් රැගෙන එති කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු , කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ , මෙරටට භාර දීම සදහා අද(26 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළට එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි . 26 March 2025
ලංකාව ආසියාවේ ලොකු හවුලකට ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
ආදි කාලේ විදෙස් ණය පනත අවලංගු කරයි විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
ඉඩම් අත් කර ගැනීමේ පනත සංශෝධනයට ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026