
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ජනාධිපති හිමිකම් පනත අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට රජයෙන් ලබා දෙන හිමිකම් ලබා දී තිබිණි.
ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත් යළි බාර දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ගෙ බෝම්බයකින් මහමග මියගිය ජනාධිපතිවරයෙක්ගේ බිරිද. jvp ත්‍රස්තවාදයෙන් 89දී රට බේරාගත්තු, අසරන මිනිස්සුන්ට ගෙවල් දුන්නු, අපේ ගම්වල අසරණ ගැඇණු ළමයි අද ලස්සනට ඇදලා, රත්තරන් මාලයක්පැලදගෙන, ජීවිතය ලස්සන කරගන්න ගාමන්ට් ටික හදලා දීපු ප්‍රේමදාස ජනාධිපති ගේ බිරිදගේ පහසුකම් ඉවත්කරන්නේ, ගාමන්ට්වලට එරෙහිව සුද්දියන්ගේ යටඇදුම් මහනවා කිව්ව මිනිස්සු.. පලිගැනීම අරමුණු කරගත්තු, වැඩක් කරගත නොහැකි දේශපාලන වෘත්තීය භාවයක් නැති මිනිස්සු...
ඔහෙම ඉන්න ඕනේ... අනිත් අය මෙච්චර හොරාකාලත් තවත් පිනට කන්න තමයි බලන් ඉන්නේ...
ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදාපු පුතාණෝට අම්මට වාහනයක් අරන් දෙන්න බැරිකමක් නැහැ. ජනතාවගේ සල්ලි වලින් ජීවත් වෙන, කිසිම සදාචාරයක් නැති අය...?
දරු ප්‍රසූතියෙන් පසු රජයේ සේවයේ නියුතු අම්මලාට දැන් තිබෙන ප්‍රසූති නිවාඩු ලබාදීමට මූලිකත්වය ගත්තේ මෙතුමියයි.
යුද්ධය කාලේ දිවි පුදපු රණවිරුවන්ගේ වැන්දඹුවන්ට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මෙතුමියගේ ස්වාමියා, එවකට ජනාධිපතිතුමා LTTE අතින් මහපාරේ ඝාතනය වුණේ ඉතාම බිහිසුණු විදිහට... LTTE සහ JVP මිනීමරුවන් තාම මෙතුමිය පස්සේ ලුහුබදිනවා.