IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රස්ත පනත ඉරා දාන කෙටුම්පත අද හෙටම මැති සබයට

(සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එන සතියේදී සකස් කර අවසන් කෙරෙනු ඇතැයි අධිකරණ සහ  ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  ලංකාදීපයට පැවසීය.

එම පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ජාතික ජන බලවේගය  ජනතාවට  දුන් මැතිවරණ පොරොන්දුවකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින යුරෝපා සංගමය (EU) ඉකුත්දා  ප්‍රකාශ කළේය.

මෙම පනත මෙම මාසයේදී  අහෝසි කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද ඉකුත්දා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක්ද පත් කෙරුණු අතර එම කමිටුවේ වාර්තාවද  රජයට ලැබී ඇත.



අදහස් (8)

ත්‍රස්ත පනත ඉරා දාන කෙටුම්පත අද හෙටම මැති සබයට

පන්සිලු Saturday, 13 September 2025 04:00 PM

කොටි ඩයස්පෝරාවේ ශාතිෂය සතුට. එකඟ වූ පරිදි ක්‍රියාත්මක කිරීම ඉතා අඟනේය.

:       16       82

ගුණරත්නSunday, 14 September 2025 02:32 PM

නැත්නම්, මේ හිටපු ත්‍රස්තවාදියෝනේ.

:       0       7

Asela Saturday, 13 September 2025 04:54 PM

මේ පනත් කෙටුම්පත අවලංගු කළොත්, ජනාධිපතිට සිට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව අවශ්‍ය ඇයි? ආරක්ෂාව ඉවත් කර වියදම් අඩු කරන්න. වාහනයක යන විට අමතර පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය ඇයි? ඊයේ පෙරේදා විජේරාම හන්දියේදී මම දැක්කා. තවත් නාට්‍යයක් පසුපස තවත් නාට්‍යයක්.

:       8       72

සිංහල නිංජා Sunday, 14 September 2025 01:41 AM

ඕක ත්‍රස්ත පනත නෙමෙයි. ආන්ඩුවට ගැලපෙනවා. සිංහලයින්ට අබ සරණයි.

:       0       4

Mahesh Sunday, 14 September 2025 10:16 AM

ඕක ඉරලා නෙමේ, රෝල් කරලා ගහගත්තත් කමක් නෑ. ඇතුලේ ඉන්න කොටි ටික එලියට දාන්නේ නැතුව. ආයෙත් කොළඹ හතර අතේ පුපුරන්න ඉඩ තියන්න එපා.

:       0       6

Asanga Sunday, 14 September 2025 10:20 AM

මේ කයිතන්ලා ගොන්වැඩ කරලා කෙලවා ගන්න අදන්නේ...

:       0       7

Deepal Nirosh Sunday, 14 September 2025 10:39 AM

මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ මැතිවරණයේ දී ජනතාවට දුන් පොරොන්දුවක් නිසාද? නැතිනම් යුරෝපා සංගමයට දුන් පොරොන්දුවක් නිසාද? එහෙමත් නැතිනම් වෙතන් පාර්ශ්වයකට දුන් පොරොන්දුවක් නිසාද?

:       0       6

SaththayaSunday, 14 September 2025 09:26 PM

ඩයස්ලාට දුන් පොරොන්දුවකට... නැත්නම් මේ ඇත්තෝ මෙතැන නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site