IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙරට ආර්ථිකයේ වර්ධනයක්

ඇමෙරිකානු තීරු බද්ද අඩු කිරීමේ සිට හේතු කීපයක් නිසාවෙන් පසුගිය මාසයේදී මෙරට ආර්ථික වර්ධනයන් ධනාත්මකව විය.

මේ වනවිට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමේ ගමන් මාර්ගයට පැමිණ සිටින අතර ඇතැම් පුරෝකථනයන් පෙන්වාදී තිබුණේ මෙරට ආර්ථික අර්බුදයට පෙර මෙරට ආර්ථිකය තිබූ තත්වයට ලබන වසර වනවිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි.

බ්ලූම්බර්ග් ආර්ථික විද්‍යා වාර්තාවක් පෙන්වාදී තිබුණේ බාහිර වෙළඳ බාධාවන් පැවතියද, දේශීය ගම්‍යතාවය හේතුවෙන්, මෙම වසර පුරා සහ ඉන් ඔබ්බට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කිරීමට නියමිත පස්වන සමාලෝචනයට පෙර රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙන බව එම අරමුදල පිළිගැනීම මෙම ශුභවාදී හැඟීම ඇතිවීමට එක් හේතුවක් වී තිබේ.

එහිදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මගින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබිණි.

එල්.එම්.ඩී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වසනීය දර්ශකය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංශ 192ක් වූ අතර ජූලි මාසයේදී එය දර්ශකාංශ 190ක් විය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වා කාලය කාලයේදී වැඩිම අගයක් වාර්තා කර තිබුණේ ජූනි මාසයේ වන අතර එම මාසයේදී දර්ශකාංශ 210 අගයක් වාර්තා කර තිබිණි,

මෙම වසරේ අගෝස්තු මාසයේ ව්‍යාපාර විශ්වසනීය දර්ශක අගය පසුගිය මාස 12 සාමාන්‍ය අගය වූ 177 ට වඩා ඉහළ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාපාර විශ්වසනීය දර්ශකයේ අගය 94 ක් විය.

ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ආරම්භයේ සිට මේ දක්වා මධ්‍යස්ථ දර්ශකාංශ අගය 124 ක් වූ අතර එම පසුගිය අගෝස්තු මාසයේදී ඒකක 68 කින් පසුකර ඇත.

 



අදහස් (2)

මෙරට ආර්ථිකයේ වර්ධනයක්

pradeep Monday, 15 September 2025 06:32 PM

විපක්ෂයේ කලබලයට ඇත්තම හේතුව මෙන්න මේක තමයි.

:       6       24

උකුස්සා Monday, 15 September 2025 06:58 PM

බයියන්ගේ දැන ගැනීම පිණිසයි...

:       6       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site