IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සීගිරියේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

(කාංචන කුමාර ආරියදාස)

කොණ්ඩා කට්ටකින් සිගිරි කැටපත් පවුරේ අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද නියෝග කළේය.

මෙසේ භාන්ධනාගාර ගතවුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා 21 හැවිරිදි තරුණියකි.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රිසි අකුරු හයක් ලියු බවට සැකකරන විසි එක් හැවිරිදි තරුණියක් සැකපිට 14 දින පස්වරුවේ අත් අඩංගුවට ගත් බව සීගිරිය අධිකණයට දැන්වීය.

 



අදහස් (11)

සීගිරියේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්

සීගිරී කුමාරි නිරංජලා Monday, 15 September 2025 04:22 PM

අවම වශයෙන් මාස තුනක්වත් මුළු සීගිරිය අවට ප්ලාස්ටික් සහ අනෙකුත් කසළ පිරිසිඳු කිරීමට යොදවන්න. නැවත කොණ්ඩා කටු අවශ්‍ය නොවන විදිහට කොණ්ඩය මුඩුකරන්න. එතකොටවත් හැදේවි.

:       9       66

කව්ද බෝයි Monday, 15 September 2025 04:24 PM

කැටපත් පවුරේ අකුරුත් ලියලා, මුහුණු පොතෙත් දාලද? එහෙනං ඉතිං GEN Z කට්ටිය තමයි.

:       0       51

අබා Tuesday, 16 September 2025 12:51 PM

තමුන් නම් බේරේ අලේ කක්කා වතුරේ පීනපු කෙනෙක් වගෙයි. ඒකාව වෛරය පිරිමහන්නේ...

:       0       0

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 05:06 PM

මීට කලිනුත් අවස්ථා කිහිපයකදීම මෙවැනි දේ සිදු උනා, එහෙම කරන්නේ එතැන ගැන නිසි අවබෝධයක් නැති නිසා ඒ නිසා සීගිරි නරඹන්න එන දෙස් විදෙස් සංචාරකයින්ට එහි ඇති වැදගත්කම හා හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීමට ක්‍රම ක්‍රියාත්මක කල යුතුය. ඒවගේම සංරක්ෂණය විය යුතු ස්ථාන ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. එහෙම නැතුව වැරදි කරන තුරු බලාගෙන ඉදලා පසුව අල්ලාගෙන ගිහිල්ලා නඩු දාන එක නම් මහ අනුවණ ක්‍රියාවක් !

:       13       24

පාඨකයෙක්Monday, 15 September 2025 06:29 PM

දැනටත් එම ස්ථානයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් අවවාදාත්මක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරෙන බව ඡායාරූපයකින් දුටුවෙමි. නමුත් එය ලිහිල් වැඩිය. පෙතන්ගොඩ කටු උණ ගස අසළ තිබෙන පුවරුවේ මෙන් දඩ මුදල් සහ සිර දඬුවම් පිළිබඳවත් ප්‍රදර්ශනය කළ යුතුයි..

:       1       16

Nihal Monday, 15 September 2025 06:33 PM

මිල කල නොහැකි පෞරාණික ප්‍රෞඩත්වය තැන්වල ලෝකේ cctv කැමරා සවි කරලා තියෙනවා, මාස 6ක සිර දඬුවමක් පැනවීමක් දඬුවමක් දැන්වීමක් දාලා තිබුණන් ඔය දේ වෙන්නේ නෑ, මීට පෙරත් යාපනේ තරුණියක් ඔය දේම කළා, මාස 6ක සිරදඬුවම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සමාව දුන්නා.

:       2       15

පිටිගල මිලානෝ Monday, 15 September 2025 06:48 PM

සීගිරිය ප්ලාස්ටික් වලින් තොර භූමියක් කරන්න.. ඇයි බයද…?

:       0       9

Nali Monday, 15 September 2025 07:08 PM

නම බලන්න. වුවමනාව පැහැදිලිව පැහැදිලියි...

:       2       11

PRIYANTHA Monday, 15 September 2025 07:33 PM

වීදුරු ජනේලයකින් ආවරණය කරන්න.

:       0       10

Perera Tuesday, 16 September 2025 12:50 AM

කොණ්ඩ කට්ට රත්කරලා... එක්කෝ ඕනෙ නැහැ.

:       0       2

Susa Tuesday, 16 September 2025 08:08 AM

මැය dravida. තරුණියක්ද? අපිට හිතාගන්න පුළුවන්. නම ඒ වගේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31337 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13558 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site