IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොටුවේ හෝටලයක කසළ බඳුනේ ජීව උණ්ඩ 17ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කොටුව හෝටලයක වැසිකිලියක කසල බඳුනක තිබී ජීව උණ්ඩ 17 ක් සොයාගත් බව කොටුව පොලිසිය කියයි.

පිරිසිදු කිරීමේ යෙදී සිටි සේවකයන් වැසිකිළිය පිරිසිදු කිරීමට යාමේදී මෙම ජීව උණ්ඩ තොගය කසල බඳුන තුළ තිබෙන අයුරු දැක ආරක්ෂක නිලධාරීන්ට පැවසීමෙන් අනතුරුව ඒ බව දුරකථනය හරහා පොලිසියට දැනුම් දීමෙන් පසු ඒවා සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් භාරයට ගත් එම ජීව උණ්ඩ පරික්ෂා කිරීමේදී නයින් එම් එම් එම් වර්ගයේ ජිව උණ්ඩ බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. කිසියම් පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස මෙම වැසිකිළිය තුළට පැමිණ මෙම ජීව උණ්ඩ තොගය කසල බඳුනට දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකයාට එස් මයුරන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

කොටුවේ හෝටලයක කසළ බඳුනේ ජීව උණ්ඩ 17ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site