IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාගම්පුර වරාය බැංකුවකට කෝටි 683 ක් පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාගම් පුර වරාය කළමනාකරණ සමාගම පෞද්ගලික බැංකුවකින් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 24 ණය මුදලකින් රුපියල් කෝටි 683 ක මුදලක් පියවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම මුදල අය කර ගැනීමට එම බැංකුව පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවද කෝප් කමිටුව පවසයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් 2022 ජුනි මස සිට ඈවරකරුවකු පත්කර මාගම් පුර වරායේ කළමනාකරණ සමාගම ඈවර්ගිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් වරාය අධිකාරියේ නිලධාරීහු කෝප් කමිටුවට දැනුම් දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කෝප් කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ සෑහීමට පත්විය නොහැකි බවයි.

සමාගම ඇවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දෙන සභාපතිවරයා ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කළේය.

එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාල නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටුව නිර්දේශ කර ඇත.

එසේම මේ සම්බන්ධයෙන් ගන්නා තීරණ ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටද මෙහිදී නිර්දේශ කෙරිණ.

 



අදහස් (1)

මාගම්පුර වරාය බැංකුවකට කෝටි 683 ක් පොලු තියලා

ගුණරත්න Tuesday, 16 September 2025 11:31 AM

අයියෝ මේ කෝප් සංගමේට හිටපු බිස්නස් කාරයෙක්වත් දානවකෝ. දොස්තර මහත්තයා දන්නේ නැහැ ණය පැහැර හැරියොත් ඇපයට තියපු සමාගම ඈවර කරලා තමා ණය ආපහු අය කරගන්නේ

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site