IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මියගියැයි කියූ එක්දරු මව මරලා

(කාංචන කුමාර ආරියදාස)

නිදි යහනේ මියගොස් සිටි බව කියූ එක් දරු මවගේ මරණය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වීමත් මරණ පරීක්ෂණයට සාක්කි දීමට ආ මියගිය කතගේ සැමිය සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ලේ පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි තාරුකා කව්ෂල්‍යා නිස්සංක නමැති 34 හැවිරිදි එක් දරු මවකි.

ඇය ගලේවෙල කලාප අධ්‍යපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියාය.

දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පසුගිය 13 වැනි දින කාන්තාවක් නිදි යහනේ සිටියදී මිය ගොස් ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

ඇයගේ සැමියා පොලිසියට ප්‍රකාශ කොට තිබුණේ තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස 4.00 පමණ නින්දට ගිය බවත් රාත්‍රි නමයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවයි.

ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබිණි.

 



අදහස් (0)

මියගියැයි කියූ එක්දරු මව මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site