
(අංජුල මහික වීරරත්න)
රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ II වැනි අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොරියා එක්සිම් බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල සහ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයනු ලබන රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව කොරියානු සමාගමක් වන M/s Kolon Global Corporation වෙත පිරිනමා ඇත. මෙම ව්‍යාපෘතිය 2022 වර්ෂයේ දී නිම කිරීමට නියමිතව තිබූ නමුත්, කෝවිඩ් වසංගතය, සැලසුම් වෙනස් කිරීමට සිදුවීම, අයහපත් කාලගුණික තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත පරිදි ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වී නොමැත.
එවකට පැවති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපාය කරණය සහ වේගවත් කිරීම පිළිබඳ කමිටුව විසින් මෙම ව්‍යාපෘතිය අදියර 1 සහ II වශයෙන් අදියරගත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, කොරියානු එක්සිම් බැංකුවේ අරමුදල් සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් භාවිත කරමින්, රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ I වන අදියර යටතේ වන ඉදිකිරීම නිම කර, කොන්ත්‍රාත්කරු විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත මේ වන විට බාර දී ඇත.
එම ව්‍යාපෘතියේ II අදියර සඳහා වන මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,147 ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් යොදා ගනිමින් එම අදියර ක්‍රියාත්මක කිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන එන මං නැති අබල දුබල විපක්ෂ පහුගිය දවස්වල කෙදිරි ගෑවා එක සංවර්ධන ව්‍යාපෘතියක් වත් මේ දක්වා මේ ආණ්ඩුව ආරම්භ කරන්න බැරි උනා මේක අසාර්ථක ආණ්ඩුවක් කියලා, දැන් මේ අබල දුබල විපක්ෂට උණ ගැනෙන්න එක දිගට එක පෙලට සංවර්ධන වැඩ සටහන් ආණ්ඩුව ආරම්භ කරනවා.