සාපෙළ උත්තරපත්‍ර ඇගයීම වෙනුවෙන් පාසල් 5 ක් වැසේ අපොස සාමාන්‍ය පෙළ දෙවැනි අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෙනුවෙන් අද සිට කොළඹ, මාතර,මහනුවර,කුරුණෑගල සහ බදුල්ලේ පාසල් 5ක් නිවාඩු ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 23 January 2018
බැඳුම්කර වාර්තාව විවාදයට ගන්න දින තීරණයක් නෑ බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව හා බරපතළ දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34ක් අද (23) පාර්ලිමේන්තුවේදී සභාගත කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට ඊයේ (22) දැනුම් දුන්නේය. 23 January 2018
බදුලු දුම්රිය වැසිකිලියේ නාදුනන මළසිරුරක් කොළඔ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලිය තුළ මියගොස් සිටි පුද්ගලයකුගේ දේහය දුම්රිය ආරක්ෂක අංශය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අද (23) උදේ පොලිසියට බාරදුන් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 23 January 2018
යාපන සරසවියේ කලමනාකරණ පිඨ සිසුන් 4 ක් රිමාන්ඩ් යාපනය සරසවියේ කලමනාකරණ පීඨයේ සිසුන් සිව් දෙනෙකු කෝපායි පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා (22) නියෝග කළේය. 23 January 2018
යාපනය සරසවියේ 8 කට විනය පරීක්ෂණ යාපනය සරසවියේ කලා අංශයේ සිසුන් 8 දෙනෙකුට පනවන ලද පන්ති තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණද එම සිසුන් වෙනුවෙන් විනය පරික්ෂණයක් සිදු කිරීමට යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. 23 January 2018
ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශවලට තද වැසි දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 22 January 2018
සෙනට් සභාවෙදිත් විසඳුමක් නෑ රාජ්‍ය සේවා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාව අපොහොසත් විය. එම නිසා රජයේ කටයුතු සහ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම තවදුරටත් කල් දැමීමට සිදුව තිබේ. 22 January 2018
රාජ්‍ය ආයතනවලින් මගනැගුමට මිලියන 755ක පොල්ලක් පසුගිය රජය සමයේ කළ ඉදිකිරීම් වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ(එම්.එන්.ආර්.සී.ඊ) සමාගමට විවිධ රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු රුපියල් මිලියන 755 ක මුදලක් ගෙවීම් පැහැර හැර ඇතැයි එහි සභාපති රාජිව් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 22 January 2018
තමන් දුර්වල නොකරන්නැයි ජනපති අගමැතිගෙන් ඉල්ලයි මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. 22 January 2018
විශ්ව විද්‍යාල ආචාර්යවරු අධ්‍යාපනය ගැන මහජන කොමිසමක් ඉල්ලති අධ්‍යාපනය පිළිබඳව ඇති ඉල්ලීම් සහ රටේ අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට අධ්‍යාපනය පිළිබඳ මහජන කොමිසමක් ස්ථාපිත කිරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් ඉල්ලා සිටිති. 22 January 2018
මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව භාරදෙයි මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ. 22 January 2018
අන්තරේ යළිත් සයිටම් සටනට සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අද (22) පැවසීය. 22 January 2018
දණගැස්වීම ඡන්දෙට බලපාන හැටි ඇමති සුසිල් කියයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඔහු වරදක් කර ඇත්නම් පළාත් පාලන මැතිවරණයට පෙර පියවරක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 22 January 2018
ලංවීම සියයට10ක වැටුප් දීමනාව දිගටම ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කණ්ඩායමකට ලබාදුන් සියයට 10ක වැටුප් දීමනාව තවදුරටත් ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබාදීමටත් රජය තීරණය කර තිබේ. 22 January 2018
සිංගප්පූරු අගමැති පැමිණේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ. 22 January 2018
ජනපති උපදේශකයෙකු පෞද්ගලික විදුලි බලාගාරවලට අත වනනවාලු ඉදිරි වසර විස්ස සඳහා තමන් සැකැසූ ජනන සැලැස්ම යටපත් කර පෞද්ගලික විදුලි බලාගාරවලට ඉඩ සැලැසීමට ජනපති උපදේශකවරයකු හා මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරමින් සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යවමින් කියා සිටී. 22 January 2018
ලංකා භූමිතෙල් තොග නිකුත් කිරීම තහනම් කරයි ලංකා භූමිතෙල් තොග වශයන් අලෙවි කිරීම තහනම් කරමින් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය. 22 January 2018
අනුරපුර ගුරුවරුත් ඌව මහ ඇමැතිට එරෙහි වෙති ඌව පළාත් ප්‍රධාන අමත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පල කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු සහ ගුරුවරු පිරිසක් අද (22) අනුරාධපුර ඩී.එස්.සේනානායක වට රවුම අසලදී උද්ඝෝෂණයක නිරත විය. 22 January 2018
රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ විනාශ කෙරේ රේගු සමාජ ආරක්ෂණ ඒකකයේ පාරිභෝගික ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ 310ක් පමණ වටිනා ව්‍යාජ භාණ්ඩ 130000 තොගයක් ඔරුගොඩවත්ත ආර්.සී.ටී ආයතනයේදී අද(22) විනාශ කෙරිණි. 22 January 2018
අපරික්ෂාකාරිව රියපැදවු අයෙක්ට වසර 5ක සිරදඬුවම් අපරික්ෂාකාරි ලෙස රිය පදවා කහ ඉරෙන් පාර මාරුවීමට සිටි කාන්තාවක් හා දරු දෙදෙනෙක් හප්පා තුවාල සිදුකර මරණයට පත් කිරිමේ චෝදනාවට වරදකරු වු ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 5 ක සිරදඬුවම් නියම කළේය. 22 January 2018
රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට ප්‍රකාශයක් කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ විඩීයෝ පට පරික්ෂා කිරිමෙන් පසු ඔහුට එරෙහිව නඩුවක් පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නිතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 22 January 2018
ලෝටස් පාර වහයි විරැකියා උපාධිධාරි සංගමයේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව ලොටස් පාර වසා දමා තිබේ. 22 January 2018
ඌව මහ ඇමැතිට විරුද්ධව ගුරු විදුහල්පති සංගම් පාරට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරෝධය පළකරමින් අද (22) දිනයේ විරෝධතා දෙකක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය. 22 January 2018
තැපැල් ඡන්දය හෙට ඇරැඹේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර හෙට (22) ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 21 January 2018
බදුලු විදුහල්පතිනිය යළිත් මහ ඇමැති නිල නිවසට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගැස්වීයැයි කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය අද ස්ථානීය පරීක්ෂණයක් සඳහා ඌව මහ ඇමැතිවරයාගේ නිල නිවසට කැඳවාගෙන ගිය බව පොලිසිය කියයි. 21 January 2018
කතරගම ආරක්ෂාවට එස්.ටී.එෆ් - 100 ක් අත්අඩංගුවට කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි. 21 January 2018
මත් කුඩු විකිණූ පවුලක්ම කොටුවෙයි තම 14 හැවිරිදි දියණිය ද යොදවාගෙන හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක යෙදුණු බව කියන කාන්තාවක සහ ඇගේ සොහොයුරා කුඩු පැකට් 14 ක්ද සමග අද(21) පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 January 2018
කතරගම පරීක්ෂණ රහස් පොලිසියට කතරගම දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑම ගැන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ තිබේ. 21 January 2018
මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ ගිය 29ක් රිමාන්ඩ් කේරල ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයන් 29 දෙනකු සඳුදා (22) දක්වා රිමාන්ඩ් කරන ලෙස හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. 21 January 2018
බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක් ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියට කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇත. 21 January 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026